January, 23, 2025
- කැළණිය විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි
දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna, තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගි ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී 90%කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ඇතැයි අනාවරණය වී ඇත.
මෙම නිෂ්පාදන සියල්ලම ස්වාභාවික නිෂ්පාදන වන අතර කොළඹ විශ්ව විද්‍යාලය සමග එකතු වී 2022 වසරේදී වෙළෙදපොළට හඳුන්වා දී ඇත. එම නිෂ්පාදන අතර සන්ධි වේදනාවට ස්වාභාවික විසඳුමක් ලෙස හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ් නිෂ්පාදනය 90.3%ක, පිළිකා පියවි සෛල මර්දනය කිරීම සඳහා හඳුන්වා දුන් වර්නොලැක් නිෂ්පාදනය 94%ක සහ හිස කෙස් වැටීම නතර කර හිස කෙස් වර්ධනයට සහාය දෙන සැටිණි නිෂ්පාදනය 90%ක පාරිභෝගික තෘප්තිමත්භාවයක් දිනා ඇතැයි තහවුරු විය. මෙහිදී ශ්‍රී ලාංකික පාරම්පරික හා ආයුර්වේද දැනුම භාවිත කර, දේශීය විශ්ව විද්‍යාල සමග එක් වී විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව තහවුරු කර, භාවිතයට පහසු ආකාරයෙන් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළට නිකුත් කර ඇති Fadna, ශ්‍රී ලාකික විශ්ව විද්‍යාල ඔස්සේ බිහි වන සාර්ථක පර්යේෂණවල ප්‍රතිපල සමාජ ගත කරමින්, පාරිභෝගිකයන්ට ක්‍රියාකාරී, ගුණාත්මක බවින් සපිරි නිෂ්පාදන හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.
Video Story