Fadna Tea සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය අත්වැල් බැඳගනියි

    November, 30, 2021

    Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර  සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා විශ්වවිද්‍යාලයීය ආචාර්ය  මණ්ඩලයේ  මහත්ම මහත්මීන් මෙන්ම  Fadna ආයතනයේ නියෝජිත වරුන් ද සහභාගි වුහ.

    එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රධාන අරමුණ වුයේ පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර අන්‍යොන්‍ය සහබාගිත්වයෙන් ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ශ්‍රී ලංකික ජනතවට ලබාදීමයි. එහිදී Fadna ආයතනයේ කළමනාකාරිත්වය ප්‍රකාශ කර  සිටියේ මෙම අවබෝධතා ගිවිසුම මගින් සරසවි සිසුන්ට ඔවුන්ගේ පර්යේෂණ වලින් ලබාගන්න ප්‍රතිපල වාණිජ කරනයට හා Fadna ආයතන සමග සම්බන්ධව නවමු නිෂ්පාදන වෙළඳපලට  ඉදිරිපත් කිරීමට මහඟු අවස්ථවක්  ඇති බවයි. 

    මෙහිදී අදහස් දැක්වූ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා පවසා සිටියේ,  දේශීය විශ්ව විද්‍යාලයන් හා අත්වැල් බැඳ ගනිමින් වෙළඳ පොළ සංවර්ධනය කිරීමට Fadna ආයතනය ගත්  මෙම උත්සාහය ඉතා කාලෝචිත පියවරක් බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විවිධ රාජ්‍ය විශ්ව විද්‍යාල හා අත්වැල් බැඳ ගනිමින්මෙවන් ආකාරයේ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් ඇති බවත්මේ තුලින් දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් හිමි වන බවත් හෙතෙම පැවසීය. 

    තවදමෙම අවබෝධතා ගිවිසුමේ විධි විධානවලට යටත්ව දෙපාර්ශ්වයම තම ආයතන සහ පර්යේෂණ මධ්‍යස්ථාන අතර සෘජු සම්බන්ධතා දිරිමත් කිරීමට බලපොරෝතු වන අතරමඉගැන්වීම් සහ පර්යේෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගනිමින් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමඅන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල තොරතුරු හුවමාරු කර ගැනීමඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් සිදුකිරීමදෙපාර්ශවයේම ප්‍රයෝජනය සඳහා අවශ්‍ය පරිදි පුස්තකාල සහ රසායනාගාර පහසුකම් බෙදා ගැනීම ආදී ක්‍රියාවලියන්ට ඔවුන් ඉදිරි කාලයේදී පියවර ගනිමින් නවමු නිෂ්පාදන කාර්‍යයන් වෙත යොමුවීමට අදහස් කර ඇත. 

    තරගකාරී කාර්යබහුල ලෝකයට සොබාදහමේ යහගුණයන්නවීන තාක්ෂණයන්ට අනුව  වැඩිදියුණු කර,  භාවිතයට පහසු රසවත් තේ  පානයන් ලෙසින් වෙළඳපොළට හඳුන්වාදෙමින් දෙස් විදෙස් ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ  නිෂ්පාදන සමාගමක් වන Fadna ආයතනයදේශීය ආර්ථික හා සමාජීය සංවර්ධනය අරමුණු කරගත් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද  සංවිධානය කරමින් සිටියි.  ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යන Fadna හි නිෂ්පාදන තරඟකාරී සමාජ වටපිටාවක වෙහෙසෙන කාර්යබහුල ජනතාව අතර ඉහල ආකර්ෂණයකට ලක්ව ඇත.