July, 22, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද 'වෘත්තීය අරමුදල් කළමනාකරණය' (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.
මෙම පාඨමාලාව සැලසුම් කරන ලද්දේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අරමුදල් කළමනාකරණ සහ ආයෝජන මූලධර්ම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. පාඨමාලාව අවසානයේ පැවති උත්සවයකදී එයට සහභාගී වූවන්ට වටිනා සහතිකයක්ද ප්‍රදානය කරන ලදි.

First Capital Holdings PLC සමාගමේ වත්කම් කළමනාකරණ අංශයේ උප සභාපති කුමරවරන් කනගසූරියර් මහතා රැස්ව සිටි පිරිස අමතමින්

වෘත්තීය අරමුදල් කළමනාකරණය පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍යයෙකු තමන්ට හිමි සහතික පත්‍රය ලබාගනිමින්

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශය විසින් First Capital Asset Management සමාගමේ නියෝජිතයින් වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලද අවස්ථාව
ඡායාරූප විස්තරය : First Capital Asset Management සමාගමේ සහ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ නියෝජිතයන්
Video Story