GEAR වැඩසටහන ස්ත‍්‍රීපුරුෂ සමානාත්මතාවය ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් සේවයෙහි නියුතු කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව ඉහළ නංවයි

    July, 4, 2023

    ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ප‍්‍රතිලාභ ^GEAR& වැඩසටහන දියත් කිරීම උදෙසා Better Work මුලපිරීම යටතේ ඒකාත්මික විය. කාන්තාවන් සඳහා වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීමේ අරමුණින්, මෙම නියමු වැඩසටහන ඇඟලූම් කම්හල් 10 ක් පුරා ක‍්‍රියාත්මක කරන ලද අතර 106 දෙනෙකුට ප‍්‍රතිලාභ සැලසේ.

    GEAR වැඩසටහනේ සාර්ථක නිමාව සනිටුහන් කරමින් Vogue Tex, Orit Apparels සහ Hela Clothing වෙතින් මෙම වැඩසටහනට සහභාගී වූවන් ඇගයීම සඳහා සහතික ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පැවැත්විණි. ශ‍්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කාන්තාවන් නඟා සිටුවීමට සහයෝගීතා පරිසරයක් පෝෂණය කරමින්, උගත් සහ බුද්ධිමත් පරපුරක් නිර්මාණය වෙනුවෙන් මෙහිදී කටයුතු කරන ලදි. සහභාගී වූවන් අතර ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ සහ කළමනාකරණ කාන්තාවන් - Women in Management නියෝජිතයින් ඇතුළත් විය.

    රැස්වීම අමතමින්, යුරෝපා සංගමයේ (EU) ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ නියෝජිත පිරිසේ සහයෝගිතා ප‍්‍රධානී ජොහාන් හෙස් මහතා, GEAR වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳව ප‍්‍රකාශ කළේ, ”ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරමින් වැඩ බිම තුළ ප‍්‍රායෝගිකව මෙම න්‍යායන් කි‍්‍රයාත්මක කිරීමට ලැබීම සතුටක්. සහභාගිවන්නන්ගේ ජයග‍්‍රහණ අපගේ සාමූහික ප‍්‍රයත්නවල ධනාත්මක බලපෑම පිළිබඳ සාක්ෂියක් වන අතර එය දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු ඇති කරනවා.” යනුවෙනි.

    මේ අතර IFC හි ජ්‍යෙෂ්ඨ නේවාසික නිලධාරි වික්ටර් ඇන්ටනිපිල්ලේ මහතා ඇඟලූම් ක්ෂේත‍්‍රයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, ”ලෝකය පුරා මිලියන 19 ක ජනතාවක් සේවය කරන ඩොලර් ටි‍්‍රලියන 1.7 ක කර්මාන්තයක, මෙතරම් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හේතුව කාටත් පැහැදිලි වෙනවා. තවද, ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් අංශය රටේ අපනයන ආර්ථිකය සඳහා ප‍්‍රධාන දායකත්වයක් සපයන්නෙකු ලෙස ඉමහත් වැදගත්කමක් දරනවා. IFC ගෝලීය වශයෙන් නිෂ්පාදන කර්මාන්තයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, විශේෂයෙන්ම කාන්තා රැකියා සහ කාන්තා සහභාගීත්වය සම්බන්ධයෙන් එහි හැකියාවන් ඉහළ නැංවීමට අපි මුළු හදවතින්ම කැපවී සිටිනවා.” යනුවෙනි.

    Better Work වැඩසටහනේ ප‍්‍රධානී කේසව මුරලි කනපති මහතා සහතිකපත්ලාභීන්ට සහ හවුල්කරුවන්ට සිය කෘතඥතාව පළ කරමින් පැවසුවේ ”GESR යනු වැඩසටහනකට එහා ගිය සේවාවක් වන අතර එය අනාගතය වෙනස් කරන පරිවර්තනීය ඉගෙනුම් මාවතක්. මෙය ආරම්භය පමණක් බව අපි විශ්වාස කරනවා වගේම අපි තව ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන සම්පූර්ණ කළ සහතිකපත්ලාභීන් ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සැබෑ වෙනසක නියෝජිතයන් වීමට දැන් සූදානම්. කාන්තාවන් රටේ ජනගහනයෙන් 52%ක් වුවද කළමණාකාර රැකියා ක්ෂේත‍්‍රයන්හි කාන්තා නියෝජනය අවම වන නිසා එය ඉහළ නැංවීම ඉතා වැදගත් වෙනවා. මෙම වැඩසටහන ඒ සඳහා උත්පේ‍්‍රරකයක් වන අතර, ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කර ඔවුන්ව සවිබල ගැන්වීමට අපට හැකිව තිබෙනවා.” යනුවෙනි.

    GEAR වැඩසටහන මගින් ඇඟලූම් සේවිකාවන්ට ඔවුන්ගේ ප‍්‍රගතිය සහ නායකත්ව භූමිකාවන්හි සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් කුසලතා පිළිබඳ නිපුණත්වය ලබා දෙයි. ඉලක්කගත පුහුණු සැසි හරහා, සහභාගිවන්නන්ගේ සංස්කෘතික හා ආයතනික වෙනස්කම් පෝෂණය කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත‍්‍රණය කිරීම සහ කාන්තා කුසලතා හඳුනා ගැනීම, ප‍්‍රවර්ධනය කිරීම සහ රඳවා තබා ගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා කළමනාකරුවන් සමඟ සම්බන්ධ වී ඇත. මීට අමතරව මෙම වැඩසටහන හරහා රැකියා ස්ථානයේ ප‍්‍රායෝගික පුහුණුව සහ පුහුණු සැසි සමඟ සම්බන්ධ වී නායකයින් ලෙස පුහුණුවන්නන්ගේ විශ්වාසය ගොඩනැගීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔවුන්ගේ කුසලතා වඩාත් බලපෑම්සහගත ලෙස භාවිතා කිරීමට සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ඔවුන්ට හැකි වේ.

    මෙම වැඩසටහනේ ප‍්‍රතිඵල දක්වමින්, IFC සඳහා GEAR වැඩසටහනේ ප‍්‍රමුඛයා වන Raquael Scarapi මහත්මිය, ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ වෘත්තීය ප‍්‍රගතිය කෙරෙහි එය ඇති කර ඇති කැපී පෙනෙන බලපෑම අවධාරණය කළේය. වියට්නාමයේ සහ බංග්ලාදේශයේ දක්නට ලැබෙන සාර්ථකත්ව අනුපාතය අභිබවා යමින් ශ‍්‍රී ලංකාවේ නියමු වැඩසටහනේ සුවිශේෂී කාර්ය සාධනය සහ පරිවර්තනීය ප‍්‍රතිඵල ඇය ඉස්මතු කළාය. සහභාගිවන්නන් අතුරින් 70%කට වැඩි ප‍්‍රමාණයක් යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නන්ගේ තනතුරේ සිට සුපරීක්ෂක සහ විධායක මට්ටමේ තනතුරු දක්වා ඔසවා තැබීම හැකි වූ බව ඇය පවසයි.

    මෙම අවස්ථාවෙහි පැවති සාකච්ඡාවකදී, අදාළ සමාගම්වල පුහුණුවූවන්නන් සහ කර්මාන්තශාලා කළමනාකරුවන් GEAR වැඩසටහන පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙම මුලපිරීම ඉගෙනීමේ ප‍්‍රධාන මාවතක් වූ අතර නායකත්ව තනතුරු දක්වා කාන්තාවන් යන ගමනේ දී ඇති වන බාධාවන්ට විසඳුම් හඳුනා ගැනීමට සැලකිය යුතු අවධානයක් ලබා දී ඇති බව ඔවුහු සඳහන් කළහ. Better Work වැඩසටහනට අනුව, 2023 ඔක්තෝම්බර් මාසයට පෙර තවත් පුහුණුකරුවන් කණ්ඩායමක් දැනුමින් සවිබල ගැන්වීමට ඔවුන් කැපවී ඇත.

    Better Work වැඩසටහනේ ප‍්‍රධානී, කේසව මුරලි කනපති මහතා

    ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමේ සහයෝගිතා ප‍්‍රධානී ජොහාන් හෙසේ මහතා

    IFC හි ජ්‍යෙෂ්ඨ නේවාසික නිලධාරි, වික්ටර් ඇන්ටනිපිල්ලේ මහතා

    IFC සඳහා GEAR වැඩසටහනේ ප‍්‍රමුඛයා වන Raquael Scarapi මහත්මිය