GIZ ව්‍යාපෘතියකට ජර්මනියෙන් යූරෝ මිලියන 7ක්

    January, 2, 2024

    ශ්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් "ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර II ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීම සඳහා 2023-2026 කාලසීමාව තුළ යුරෝ මිලියන 7ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු ෆෙඩරල් ජනරජය විසින් එකඟතාව පළ කර ඇත.

    එකී ව්‍යාපෘතිය ජර්මානු ෆෙඩරල් ජනරජය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස GIZ ආයතනය කටයුතු කරනු ලබයි.

    යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා GIZ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණ සහ නීතිපතිගේ නිෂ්කාශනය ලබා ගෙන ඇත.

    ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.