June, 5, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන එයාර් එක්ස්ප්‍රස් මෑන් පවර් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී එයාර් එක්ස්ප්‍රස් මෑන්පවර් හිමිකරු ඒ.එල්.එම්. ඉක්බාල් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
2001දී ඇරැඹූ එයාර් එක්ස්ප්‍රස් මෑන්පවර් වසර 20කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ඇත. කුවේට්, කටාර්, ඩුබායි, සෞදි ආදී මැද පෙරදිග රටවලට ගෘහ සේවිකා, ගෘහ කෝකිවරු, සැහැල්ලු වාහන රියදුරු, බර වාහන රියදුරු, සනීපාරක්ෂක සේවක, කම්කරු, සූපවේදී, ගුරු ආදී රැකියා අවස්ථා රැසක් එයාර් එක්ස්ප්‍රස් මෑන්පවර් මෙරට ශ්‍රමිකයන්ට පිරිනමා ඇත. මෙම සියලුම ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහතික කළ අනුමත වැටුප් තල හිමි වේ. එයාර් එක්ස්ප්‍රස් මෑන්පවර් හිමිකරු ඒ.එල්.එම්. ඉක්බාල් මහතා අරාබි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති අයෙකු වන අතර ඒ මහතා සෞදි අරාබියේ භාෂා පරිවර්තකයෙකු ලෙසද දීර්ඝ කාලයක් සේවය කර ඇත. "අපගේ නියෝජිතායතනය හරහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ට සාධාරණ හා හෘදයාංගම සේවාවක් සැපැයීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ ජයග්‍රහණය හිමි කර ගැනීමට දායකත්වය දැක්වූ ආයතනයේ කාර්යය මණ්ඩලයටත්, නිරන්තරයෙන් අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ වටිනා පාරිභෝගිකයන් සැමටත් මාගේ කෘතඥතාව පළ කරනවා." ඒ.එල්.එම්. ඉක්බාල් මහතා පැවැසීය.
Video Story