“Google Street View” ජාත්‍යන්තර ඡායාරූප ශිල්පී ෆීලික්ස් ස්ටෙක් ශ්‍රී ලංකාවේ සාර්ථක ඡායාරුපකරණයක

    May, 24, 2016

    "Google Street View" ප්‍රවීණ ඡායාරුප ශිල්පී ෆීලික්ස් ස්ටෙක් "Google See Inside" සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඡායාරූපකරණයට ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    ෆීලික්ස් ස්ටෙක් යනු සම්මාන ලාභී ඡායාරූප ශිල්පියෙක් වන අතර ඔහුගේ දක්ෂතාවය අගයමින් විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු ලෙස ගූගල් ආයතනය විසින් හඳුන්වා දී තිබේ. ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ජර්මානු ජාතික ඡායාරූප ශිල්පියෙකු වන මොහු, හෝටල් ඡායාරුපකරණයේ හා ආයතනික අනනමිතාවය විදහා දක්වන ඡායාරුපකරණයේ විශේෂ දැනුමක් ඇත්තෙකි. ස්ටෙක් Global Hotel Alliance හි ආරම්භක සාමාජිකයෙකු වන, ලෝකයේ රටවල් 30ක විසිරි පවතින තරු පහේ හෝටල් 75 කට හිමිකම් කියන "Kempinski" හෝටල් සමුහයේ සියලුම හෝටල් හි ඡායාරුපකරණයේ නිරතව අත්දැකීම් සමුදායක් ලබා ඇති විශිෂ්ඨ ගනයේ ඡායාරුප ශිල්පියෙකි.

    ශ්‍රී ලංකාවේ ගත කල කාලය තුළ ස්ටෙක් මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් කිහිපයක ඡායාරුපකරණයේ නියුතු වූ අතර සිනමන් හෝටල් සමුහයට අයත් සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand), සිනමන් ලේක් (Cinnamon Lake), හික්කා ට්‍රාන්ස් (Hikka Trans), සිනමන් බේ (Cinnamon Bay), සිනමන් වයිල්ඩ් (Cinnamon Wild), සිනමන් ලොජ් (Cinnamon Lodge), පාම් පැරඩයිස් (Palm Paradise) යන හෝටල් ද අයත් විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පඹ්මුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන "මිලේනියම් IT" (Millennium IT) ඇතුළු පඹ්ධාන පෙළේ ව්‍යාපාරික සමාගම් ද "Google See Inside" සඳහා ඡායාරුප ගත කෙරිණි.

    ෆීලික්ස් ස්ටෙක් මෙරටට පැමිණියේ "Google Street View" හි මෙරට බලයලත් නියෝජිතයා වන Avant Premiere ආයතනයේ නියෝජිතයෙකු වශයෙනි. ඔහු සමග "Google Street View" සඳහා ඡායාරුප ගැනීමට ගිය මෙරට ඡායාරුප ශිල්පීන්ට ඔහුගේ ඡායාරුප කරණයේ පරිණත භාවය හා විශිෂ්ඨ දැනුම පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් විය.

    "Google See inside" වෙතින් "Google Street View" හි අභ්‍යන්තර දර්ශන නැරඹීමේ පහසුකමක් මහජනතාවට ලබා දෙයි. මෙමගින් පාරිභෝගිකයාට හෝටල්, පාසැල් හා ව්‍යාපාරික ස්ථානයන්හි සපයන පහසුකම් හා ඇතුළත දර්ශණ එම ස්ථානයන්ට ප්‍රවේශ වීමට පෙර දැක බලා ගත හැකිවේ. එසේම Google See Inside මගින් ව්‍යාපාර වලට ගූගල් වෙබ් අඩවියේ සෙවුම් උපකරණයෙහි (Google Search Engine) තමන්ට හිමි ස්ථානය ඉහල නංවා ගැනීමටත් ගූගල් සිතියම් (Google Map) හි වැඩි දෘශ්‍යතාවයක් ලබා ගැනීමටත් හැකි වනු ඇත.

    "Google See Inside" මගින් හෝටල් ක්ෂේත්‍රයට වැඩි වාසියක් හිමි වන්නේ සංචාරකයන් අන්තර්ජාලය ඔස්සේ "Google See Inside" භාවිතා කරමින් හෝටල් පිලිබඳ සොයා බැලීමේදී සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් ඡායාරූප නැරඹීමෙන් අන්තර්ජාලය ඔස්සේ විකුණුම් වේදිකාවක් නිර්මාණය කිරීමට උපකාරී වීම නිසාය. පාරිභෝගිකයාටද "Google See Inside" වෙත ගොස් එහි ඇති වෘත්තිමය ඡායාරුප තමුන්ගේ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගත හැකිය. මෙලෙස තුන්වන පාර්ශවයක් විසින් නිර්මාණය කරන ලද අංශක 360ක විහිදී ගිය ප්‍රායෝගික වීඩියෝ අත්දැකීමක් මගින් යම් ස්ථානයක් හෝ ව්‍යාපාරයක් පිලිබඳ ගණුදෙනුකරු තුළ විශ්වාසයක් ඇති කරවීමටත් තම සේවා සම්බන්ධ තොරතුරු සපයමින් ඔවුන් සමග සම්බන්ධ වීමටත් මෙය මහඟු උපකාරයක් වේ.

    Avant Premiere යනු ශ්‍රී ලංකාවේ "Google Street View" බලය ලත් සේවා සපයන්නා වන අතර වීඩියෝ පටයක් ඔස්සේ තම ව්‍යාපාරය සතු ශක්තිය හා හැකියාව නිරුපණය කිරීමෙන් ගූගල් වෙබ් අවකාශය තුළදී ඉහල මට්ටමේ කාර්ය සාධනයක් පෙන්නුම් කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට සහය දෙයි. "Google See Inside" ඡායාරුප ප්‍රස්ත මට්ටමකින් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා Avant Premiere ආයතනය ලෝකයේ හොඳම ඡායාරුප ශිල්පීන් සමග කටයුතු කරයි. අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙරට මහජනතාවට ලබා දෙමින් ශ්‍රී ලංකාවේ A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතියෙන් කිලෝ මීටර 7000 කට වැඩි දුර ප්‍රමාණයක් ආවරණය කරන ලද එකම "Google Street View" ආයතනය Avant Premiere ආයතනයයි.

    Avant Premiere සමාගමට උත්සව කළමනාකරණ විසඳුම් ලබා දීම පිලිබඳ ක්ෂේත්‍රයේ වසර 20 ක පළපුරුද්දක් ඇත. Red Bull හි නිළ සංවිධායක වන Avant Premiere, Red Bull Campus Cricket World Finals 2013, Red Bull Ride My Wave 2014, Red Bull Kart Fight 2015 සඳහා ද තම සේවා සපයා ඇති අතර, අරුගම්බේ හි පැවැත්වීමට නියමිත ඉදිරි ලෝක Surf League 2016 සඳහා ද තම සේවා සැපයීමට නියමිතව ඇත.