Hayleys Fabric, ESG World Summit and GRIT Awards හිදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගනියි

    October, 2, 2023

    ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය.

    කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG පර්යේෂණ පදනම විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේ අරමුණ වන්නේ බලපෑම්කාරී පාරිසරික, සමාජීය සහ පාලනය තුළින් තිරසාරත්වය කරා ගමන් කරන කැපී පෙනෙන සමාගම් හඳුනා ගනිමින් සහ ඒවා අගයමින් හරිත මූලාරම්භයන් ඉදිරියට ගෙන යාමයි.

    ”හොඳම SDG Impact සම්මානය ලැබීම තුළින් පෙන්නුම් කරන්නේ අපගේ කණ්ඩායම ගෝලීය තිරසාර පිළිවෙත් අනුගමනය කිරීමට කෙතරම් කැපවී සිටිනවාද යන්නයි. ESG හි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර තුන ආවරණය වන පරිදි එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) 17න් 14ක් වෙනුවෙන්ම අප කැපවෙන බව මෙම සම්මානය මඟින් තහවුරු කරනවා.”

    ”දේශගුණික විපර්යාස පිළිබඳව සැලකිලිමත් වෙමින් ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම අපගේ වගකීමක්. Hayleys Fabric හි අපි සෑම විටම ESG සංකල්ප වලට මූලිකත්වය දීමට කටයුතු කරනවා. බොහෝ ඇඟලූම් කර්මාන්තශාලා අභිබවා යමින්, අපි අපගේ සියලූම මෙහෙයුම් වලදී 75% ක්ම භාවිතා කරන්නේ පුනර්ජනනීය බලශක්තියයි. ඒ හරහා අපට හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකිව තිබෙනවා. මෙවැනි පියවර හරහා අපේ රටට තිරසාර අනාගතයක් තිළිණ කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක මහතා මේ බව පැවසීය.

    මෙයට අයදුම් කිරීම සඳහා ESG ක‍්‍රියාමාර්ග වෙනුවෙන් වූ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අතර මෙම සැලසුම් එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත‍්‍රය සමඟ සමපාත වී ඇති ආකාරය සහ ඔවුන්ගේ සියලූ මෙහෙයුම් වලදී තිරසාරත්වය සහතික කිරීමට ඔවුන් ගන්නා උත්සහයන් ද ඉදිරිපත් කළ යුතුය.

    Hayleys Fabric හොඳම SDG Impact සම්මානය දිනාගැනීමට හේතු වූයේ එහි ESG සැලැස්මට අනුව කටයුතු කරන ආකාරය සහ ඉදිරියට කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘති සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමයි. ISO 50001 සහතික ලබා ගැනීම, විද්‍යාව පදනම් කරගත් ඉලක්ක මුලපිරීම (Science-Based Targets initiative-SBTi) සඳහා වූ දැඩි කැපවීම සහ එහි මෙහෙයුම් සඳහා 75% ක්ම පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම ආදී වූ ආකර්ෂණීය තිරසාර උපායමාර්ග මෙම ජයග‍්‍රහණයේ පසුබිමයි.

    එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවෙ (UNGC) හි CEO Water Mandate හරහා ජලය ඉතිරි කිරීම සඳහා වූ කැපවීම සමාගම විසින් අවධාරණය කළේය. එය ප‍්‍රධාන ක්ෂේත‍්‍ර හයක් පුරා විහිදෙයි. එසේම Hayleys Fabric, Zero Discharge of Hazardous Chemicals (ZDHC) වැඩසටහනට සම්බන්ධ වීම හරහා ජලය සහ රසායනික ද්‍රව්‍ය හැසිරවීමට ඇති දැඩි කැපවීම පෙන්නුම් කරන අතර එය දැඩි පරීක්ෂණ ක‍්‍රියාවලීන් සහ විස්තීර්ණ පුහුණු වැඩසටහන් හරහා උද්දීපනය කරයි.

    දියතුරු උද්‍යානය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතා ව්‍යාපෘති වැනි මුලපිරීම් සඳහා සක‍්‍රීයව සම්බන්ධ වීමෙන් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන සමාගමේ කැපවීම තව තවත් පෙන්නුම් කරයි. Lagenandra සංරක්ෂණය කිරීම සහ පාරිසරික වශයෙන් ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු මෙම මුලපිරීම්, Hayleys Fabric හි තිරසාරභාවය සඳහා වූ දායකත්වය අවධාරණය කරයි.

    එමෙන්ම පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, නියමිත වේලාවට බෙදාහැරීම සහ Tier 1 මට්ටමේ ජාත්‍යන්තර රෙදිපිළි සන්නාම සතු ඉහළ ප‍්‍රමිතීන් පවත්වා ගැනීම යන වැදගත් අංශ වෙනුවෙන් Hayleys Fabric සිය උපරිම කැපවීම පෙන්නුම් කරයි. ZDHC වැනි අනුකූලතා කෙරෙහි අවධානය යොමු කරමින් සැපයුම්කරුවන් දැනුවත් කිරීමේ සහ විවිධ අධ්‍යාපනික වැඩසටහන් හරහා සමාගම ශක්තිමත් සැපයුම්කරුවන්ගේ සබඳතා වර්ධනය කර ඇත. තවද, Hayleys Fabric පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති, ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති සහ පිරිසිදු කිරීමේ මුලපිරීම් වැනි බලපෑම්කාරී ව්‍යාපෘතිවල නිරත වේ.

    Lifecode රාමුව ඇතුළුව ශක්තිමත් පාලන ව්‍යුහයක් සමඟින්, Hayleys Fabric එහි ව්‍යාපාරික භාවිතයන් වගකිව යුතුව පවත්වාගෙන යයි. සමාගම GRI වාර්ෂික වාර්තා ප‍්‍රමිතීන් අනුගමනය කළ අතර මෙම වසරේ SASB වාර්තා කිරීම ආරම්භ කළේය. ISO 14001 සහ HIGG FEM EMS වැනි ඔවුන්ගේ පුළුල් පාරිසරික කළමනාකරණ පද්ධති, ඔවුන්ගේ පාලනය සහ මෙහෙයුම් වඩාත් ශක්තිමත් කර ඇත. මෙය ඔවුන්ට අවදානම් වඩා හොඳින් හැසිරවීමට සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට උපකාරී වී ඇත.