Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

    April, 28, 2026

    මෙරට ප්‍රමුඛ පෙළේ අපනයන අභිමුඛ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වූ Hela Clothing (Private) Limited හි ප්‍රධාන මෙහෙයුම් සිදුකෙරුණු කර්මාන්ත ශාලා කිහිපයක් අත්පත් කර ගැනීමට Emerald Clothing (Pvt) Ltd විසින් කටයුතු කර ඇත.

    අපනයන පදනම ස්ථාවර කිරීම සහ රැකියා සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මුලපිරීමක් ලෙසින් මෙම පියවර ගෙන තිබේ.

    මේ අනුව තුල්හිරියේ සහ පළාපත්වල පිහිටි Hela Clothing හි ප්‍රධාන කර්මාන්තශාලා, Emerald Clothing (Pvt) Ltd යටතට පත් වනු ඇත.