Hive Energy ව්‍යාජ හා කූට ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි

    July, 25, 2023

    එක්සත් රාජධානියේ ස්ථාපිත Hive Energy ගෝලීය පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායකි. Hive Energy විසින් එහි  ආයතනික සන්නාමය සහ ලාංඡනය අනුකරණය කරමින් පුද්ගලයන් පිරිසක් විසින්  ශ්‍රී ලාංකිකයන් රැවටීම පිළිබඳව හෙළිදරව් කරගෙන තිබේ.

    Hive Energy සමාගම සතුව ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාර නොමැති අතර, Hive Energy යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වංචනිකයන් විසින් පිහිටුවා ඇති ව්‍යාජ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව අපගේ අවධානය යොමු වී ඇත.

    අන්තර්ජාලයෙහි  කඩතුරාවන්ට මුවා වී ක්‍රියාත්මක වන මෙම පුද්ගලයන් Hive Energy හි ලාංඡනය සහ සන්නාමය අනිසි ලෙස භාවිත කරමින් එහි ආයතනික තොරතුරු පරිහරණය කරමින් අයථා ආයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කරන බවට අනාවරණය වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියා සඳහා Hive Energy හි ලාංඡනය අනිසි ලෙස භාවිතා කරන යෙදවුමක් (Application) නිර්මාණය කර තිබේ. ඊට මුදල් ආයෝජනය සඳහා පෙලඹීමක් ඇති ‍ කරවන, පෞද්ගලික මූල්‍ය තොරතුරු බෙදා ගැනීමට අනුබල දෙන  ආකාරයෙන් රූප සටහන් ඇතුළත් කර, ශ්‍රී ලංකාවේ Hive Energy ව්‍යාපාර කරගෙන යන බව ඇගවීම සඳහා ව්‍යාජව  සැකසූ සමාගම් ලියාපදිංචි ලේඛනවල ඡායාරූප ද ඇතුළත් කොට බෙදා හැර ඇති බවට අනාවරණය වෙයි.

    Hive Energy මූල්‍ය වංචා සඳහා වංක සහ නීති විරෝධී ලෙස තම සන්නාමය, ලාංඡනය සහ ඒ ආශ්‍රිත තොරතුරු, භාවිතා කිරීම හෙළා දකින අතර, තම සමාගම ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපාරයක් නොකරන බවටත් අවධාරණය කරයි.

    Hive Energy කිසිම අවස්ථාවක ආයෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කර නැති අතර කිසියම් විද්‍යුත් යෙදවුමකින් හෝ වෙනත් කිසිදු ක්‍රමයක් ඔස්සේ මහජනයාගෙන් කිසිදු ආයෝජනයක් ඉල්ලා නැති බවද පවසයි. ව්‍යාජ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් සහ ඇප් සඳහා Hive Energy හෝ එහි අදාළ සමාගම්වලට සම්බන්ධයක් නොමැති බවද සඳහන් කරයි.

    Hive Energy හා සම්බන්ධ වී ඇතැයි පැව‍ෙසන ඕනෑම වෙබ් අඩවියක්, සමාජ මාධ්‍ය ගිණුම් හෝ යෙදවුම් සම්බන්ධයෙන් නිසි අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් Hive Energy මෙරට වැසියන්ගෙන් ඉල්ලා සිටී. Hive Energy යන නමින් මූල්‍ය යෝජනා ක්‍රමයක් සඳහා දායක වීමට හෝ ආයෝජනය කිරීමට තමන් වෙත පැමිණෙන ඕනෑම අයෙකු අවහිර කරන ලෙසත්, ඒවායේ නීති විරෝධී භාවය පිළිබඳව අදාළ සමාජ මාධ්‍ය කළමනාකාරීත්වයන් වෙත වාර්තා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එමෙන්ම,

    • “Hive Energy” නමින් ඇති ඕනෑම මූල්‍ය හෝ ආයෝජන යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ඔබගේ මුදල් ආයෝජනය කිරීමෙන් හා මූල්‍ය තොරතුරු හෙළි කිරීමෙන් වළකින්න.
    • Hive Energy නමින් ඕනෑම මූල්‍ය හෝ ආයෝජන යෝජනා ක්‍රමයක් ප්‍රවර්ධනය කරන ඕනෑම “Hive Energy යෙදවුමක්” බාගත කිරීමෙන් හෝ කිසිදු වෙබ් අඩවියකට හෝ සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීමෙන්, දායක වීමෙන් හෝ වෙනත් ආකාරයකින් ඒවායේ විධාන අනුගමනය කිරීමෙන් වළකින්න.
    • එවැනි දේ යෝජනා කරන සමාජ මාධ්‍යවල හිමිකමක් හෝ සහතිකයක් නොසලකා හරින්න

    Hive Energy නීති උපදේශක ඇලෙක්ස් ලේන් අදහස් දක්වමින්: “සැබෑ Hive Energy සමඟ කිසිසේත්ම සම්බන්ධයක් නැති වංක, නාඳුනන පුද්ගලයන් අපගේ වෙ‍ෙළඳ නාමය සොරකම් කර මිනිසුන් රවටා ඔවුන්ගේ මුදල් ලබාගැනීම ගැන අපි දැඩිසේ කනස්සල්ලට පත්වෙමු. මේ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත්