HNB ‘සිඟිති ජම්බෝ අවුරුදු’ සමඟින් ළමා ගිණුම් හිමියන්ට වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ රැසක්

    April, 19, 2021

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි.

    ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස අවුරුදු 16ට අඩු සියලූම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් HNB විසින් හිමි කර දෙනු ඇත.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ බාලවයස්කාර ඉතුරුම්කරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම්වලට අමතරව මේ ආකාරයෙන් අවුරුදු සතුට බෙදා හදා ගැනීමට හැකිවීම පිළිබඳව අපට ඉමහත් සතුටක්. මේ සමඟ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට අපට අවස්ථාව උදා වී ඇති අතරම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වන පාසල් උපකරණ ආදිය ත්‍යාග කිරීමට අප මෙවර කටයුතු සූදානම් කර තිබෙනවා. ඉදිරි වසරවලදී මෙය තවදුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට අප බලාපාරොත්තු වන අතර ඒ තුළින් අපගේ ආදරණීය ළමා තැන්පත්කරුවන් අඛණ්ඩව දිරිමත් කිරීමට අප අපේක්ෂා කරනවා.’’ යනුවෙනි.

    සිඟිති ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් දිරි ගැන්වීම සඳහා HNB විසින් ඔවුන් සඳහා ආකර්ෂණීය ත්‍යාග රාශියක් ලබා දීමට මෙවර ද කටයුතු කර ඇත. එහිදී රුපියල් 5000/- ක තැන්පතුවක් සඳහා පෑන් රඳවනයක් හෝ HNB කැප් ද, රුපියල් 10,000/-ක තැන්පතු සඳහා කුඩ හෝ පාසල් බෑග් මෙන්ම රුපියල් 25,000කට වැඩි තැන්පතු සඳහා සියලූ උපාංගයන් සහිත වයිට් බෝඞ් ත්‍යාග වශයෙන් හිමි කර දීමට HNB බලාපොරොත්තු වේ.

    මීට අමතරව රුපියල් 50,000කට වැඩි තැන්පතු සඳහා රුපියල් 1500/-ක් වටිනා වවුචර්පතක් හෝ ක‍්‍රීඩා බෑගයක් ත්‍යාග වශයෙන් හිමි වනු ඇත. රුපියල් 100,000කට වැඩි තැන්පතු වෙනුවෙන් රුපියල් 5000/-ක් වටිනා වවුචර්පතක් ලබා දීමට කටයුතු කර ඇති අතර රුපියල් 500,000/- තැන්පතුවක් වෙනුවෙන් රුපියල් 20,000ක් වටිනා තෑගි වවුචර්පත් හිමි වේ. එම වවුචර් පත් මගින් Abans, Arpico Supercentre, DSI, Mallika Hemachandra Jewellers, Nithyakalyani Jewellery, Stone ‘N’ String, Sarasavi Bookshop, Vijitha Yapa, සහ Zuzi යන අලෙවිසැල් වෙතින් තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමේ අවස්ථාවද ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත උදා කර දී තිබීම තවත් විශේෂත්වයක් ලෙස සදඟන් කළ හැකිය.

    මීට අමතරව HNB අතර සිඟිති ගිණුම් හිමි දු දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ ගිණුමේ ශේෂය මත වසර මුළුල්ලේම ත්‍යාග හිමි කර දෙන සුවිශේෂී ත්‍යාග ක‍්‍රමයක් ද ක‍්‍රියාත්මක වේ.

    1991 දී සන්නාමගත පළමු ළමා ඉතුරුම් ගිණුම වන ‘සිඟති’ ගිණුම හඳුන්වා දුන් දා පටන් HNB නිරන්තරයෙන් එම ගිණුම් හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබයි. එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස HNB ඇෂුවරන්ස් සමඟ එක් වෙමින් ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත සුවිශේෂී රක්ෂණාවරණයක් හඳුන්වා දීමටද HNB කටයුතු කරන ලදී. එම රක්ෂණාවරණය ‘සිඟිති’ හා ‘HNB TEEN’ ගිණුම් හිමි දු දරුවන්ගේ දෙමව්පියන් විසින් ලබා දෙනු ලබන ස්ථාවර නියෝග මත ක‍්‍රියාත්මක වේ.

    මෙම රක්ෂණ පහසුකම් සලසා ගැනීමේදී කිසිඳු අමතර වාරිකයක් බැංකුව විසින් අය නොකරන අතර යම් අවාසනාවන්ත හේතුවක් මත ස්වාභාවික හෝ හදිසි මරණයකදී දෙමාපියන් අහිමි වූයේ නම් මෙම රක්ෂණ ක‍්‍රමය මගින් දරුවාගේ ගිණුමට අදාල මාසික ස්ථාවර නියෝගය අඛණ්ඩව දරුවාට අවුරුදු 18ක් වන තෙක් ලබා දීමට කටයුතු කරයි. රුපියල් 1000 සිට 25,000 දක්වා වූ ස්ථාවර නියෝග මේ සඳහා සුදුසුකම් ලබයි.

    හැටන් නැෂනල් බැංකුවේ ‘‘සිඟිති ගිණුම’’ දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරන අතර තුර ඉහළ පොළී අනුපාත, ආකර්ෂණීය තෑගි හා වටිනා තෑගි වවුචර ආදී නොයෙකුත් ප‍්‍රතිලාභ ද ලබා දෙයි. වර්තමානයේදී ශ්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල වන HNB ‘‘දිරි දරු ශිෂ්‍යත්ව’’ මගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමියන්ට රුපියල් 10,000ක් දක්වා මුදල් තිළිණ ද ලබා දීම සිදු කරයි. ඒ අනුව, මේ වසරේදී ද, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දු පුතුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙර ඔවුන්ගේ සිඟිති ගිණුමේ රුපියල් 10,000ක ශේෂයක් පවත්වා ගැනීමෙන් මෙම මුදල් ත්‍යාග සඳහා සුදුසුකම් ලබා ගත හැක. තවද, HNB TEEN ගිණුම් හිමි දරුවන් GCE/London සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාගවලින් ඉහළින් සමත් වූ විට HNB දිරි දරු ශිෂ්‍යත්ව යටතේ රුපියල් 25,000ක මුදල් ත්‍යාග හිමි කර ගැනීමට ද සුදුසුකම් ලබයි.

    අලූත උපන් බිළිඳුන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ඉතිරි කිරීමේ ගිණුමක් වන ‘‘සිඟිති කිරිකැටියෝ” ගිණුම දරුවාගේ උපතෙන් මාස තුනක් ඇතුළත දෙමාපියන්ට, ආච්චි සීයා, හෝ වෙනත් ඕනෑම ඥාතියකුට රුපියල් 1000 ක් තැන්පත් කිරීමෙන් දරුවා වෙනුවෙන් විවෘත කිරීමේ හැකියාව ඇත. සාමාන්‍ය ළමා ඉතුරුම් ගිණුමකට වඩා ඉහළ පොළී අනුපාතයක් මෙම ගිණුමට ලබා දෙන අතර ගිණුමේ ශේෂය මත දරුවන්ට උපන්දින තෑගි පිරිනැමීම ද මෙම ගිණුමේ ඇති විශේෂත්වයකි. එමෙන්ම එම ගිණුම ඇරඹීමේදී බැංකුව මගින් ද රුපියල් 1000කට නොවැඩි තැන්පතුවක් ලබා දීම ද විශේෂත්වයකි.

    පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

    තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර වූ අතර සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක‍්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත‍්‍ර වීමට කැපී පෙනේ.