HNB FINANCE මුලතිව් ශාඛාවට රන් ණය සේවා මධ්‍යස්ථානයක්

    April, 2, 2021

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් HNB FINANCE PLC සිය රන් ණය සේවා තවදුරටත් ව්‍යාප්ත කරමින් සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මුලතිව් HNB FINANCE ශාඛා පරිශ‍්‍රය තුළ විවෘත කළේය. අංක 94, පී.ඩබ්ලිව්.ඞී මාවත මුලතිව් යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම මෙම රන් ණය මධ්‍යස්ථානය සතියේ දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5 දක්වා ගනුදෙනු කටයුතු සඳහා විවෘතව පවතී.

    යුද ගිනිදැල් නිවී යෑමෙන් අනතුරුව මුලතිව් දිස්ත‍්‍රික්කයෙහි ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HNB FINANCE සමාගම පසුගිය කාල වකවානුව පුරාම මුලතිව් හා ඒ අවට ප‍්‍රදේශයන් වෙත සිය සේවා පවත්වාගෙන ගිය අතර අභිනවයෙන් විවෘත වූ රන් ණය මධ්‍යස්ථානය සමගින් රන් ණය සේවා පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත. මේ අනුව මුලතිව් නගර සීමාව හා ඒ අවට ජනතාව වෙත මුල්‍ය සමාගමක් වෙතින් ලබාගත හැකි සියලූ මූල්‍ය සේවා ලබාදෙන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම බවට HNB FINANCE පත් වනු ඇත. අභිනව HNB FINANCE මුලතිව් රන් ණය මධ්‍යස්ථානය HNB FINANCE හි ප‍්‍රාදේශීය කළමනාකාර ජේ.ජෝන් සහ නියෝජ්‍ය ප‍්‍රාදේශීය කළමනාකාර එස්.මයුරන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. රජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති කෝවිඞ් නියාමනයන්ට අනුතූලව ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂනය යටතේ මෙම උත්සවය පැවැත්විණ. මුලතිව් ශාඛාවේ අභිනව රන් ණය මධ්‍යස්ථානයේ සමාරම්භයට සමගාමීව හින්දු ආගමික වතාවත් සිදු කරන ලදි.

    HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා අදහස් දක්වමින් ‘‘ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය වන මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුලතිව් නගරය යුද්ධය අවසන් වීමත් සමගම යහපත් සංවර්ධනයක් ලැබූ ප‍්‍රදේශයක් ලෙස හැඳින්විය හැකියි. අපගේ මුලතිව් ශාඛාව මගින් පිරිනමන අනෙකුත් මූල්‍ය සේවා අතරට අද සිට රන් ණය සේවාව ද එකතු වීම තුළින් මෙම ප‍්‍රදේශයේ ජනතාවගේ ක්ෂණික මුදල් අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකර ගැනීමට හැකි වන අතරම ඔවුන්ගේ රන් භාණ්ඩ වඩාත් ආරක්ෂිතව තබා ගනිමින් පාරිභෝගික විශ්වාසය උපරිම අයුරින් සුරැකීමට අපට හැකි වෙනවා. මෙම රන් ණය සේවාව ව්‍යාපාරිකයින්ට මෙන්ම පොදුවේ මෙම ප‍්‍රදේශයේ සියලූ පාරිභෝගිකයින් වෙත විශාල සේවාවක් සලසනු ඇතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.