HNB FINANCE හි ශාඛා ව්‍යාප්තියෙහි නවතම අදියර කිරිබත්ගොඩ නගරයට

    September, 11, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක්  සහභාගී වූහ.

    අභිනවයෙන් විවෘත වූ HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව අංක 58, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සමාගම මගින් ලබාදෙන ලීසිං, රන්ණය,  ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය, ඉතුරුම් ගිණුම්  ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් කිරිබත්ගොඩ ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෙම ස්ථානයට පැමිණ සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගතහැක.

    රන් ණය සඳහා කිරිබත්ගොඩ සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. රන් පවුමක් සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ,බාගැනීමට HNB FINANCE Gold Loan සේවාව මගින් ඉඩකඩ සැලසෙන අතර අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත විශ්වාසවන්ත, ආරක්ෂාකාරී ගනුදෙනුවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා මෙම නව රන් ණය සේවා ඒකකය කදිම විසදුමක් වනු ඇත.

    "අපගේ අරමුණ වන්නේ HNB FINANCE හි සියලුම පාරිභෝගිකයන් සඳහා ඉහළම මුල්‍ය සේවාවක් සැපයීමයි. කිරිබත්ගොඩ පිහිටි මෙම නව ශාඛාව සමඟින් පාරිභෝගිකයින්ට ඉහළම මූල්‍ය සේවා අත්දැකීමක් සහ පහසු ප්‍රවේශයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම මූල්‍ය සේවා සහ ගැලපෙන පාරිභෝගික සබඳතා සමඟින් සේවය කිරීමට අපි කැපවී සිටිනවා. මෙම නව ශාඛාව පාරිභෝගික හිතකාමී සියළු සේවාවන් සපයන මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට ලැබීම පිළිබඳව අප තුළ ඇත්තේ නිහතමානී සතුටක් .” යනුවෙන් HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය. කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීමට සමගාමීව කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක විය.