• Ada Derana BIZ Sinhala
  • Cricket Fever
  • HNB FINANCE
  • sri lanka

HNB FINANCE ‘Cricket Fever’ වෙතින් අගනා ත්‍යාග දිනා ගැනීමට වරම්

November, 1, 2022

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග උණුසුම මධ්‍යයෙහි ක්‍රීඩාලෝලීන්ට වටිනා ත්‍යාග දිනා ගැනිමේ අවස්ථාවක් ලබා දීමට මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කටයුතු කර ඇත.

‘HNB FINANCE Cricket Fever’, ලෙස නම් කර ඇති මෙම තරගයට සහභාගී වී ජයග්‍රහනය ලබා ගන්නා ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් ජර්සි, ඇතුළුව HNB FINANCE වෙතින් ලබා දෙන සුවිශේෂී ත්‍යාග දිනා ගත හැකිවේ.

HNB FINANCE සමාජ මාධ්‍ය ජාලයෙහි පළ වී ඇති අදාළ පොස්ටුවේ සඳහන් වන link එක හරහා ‘HNB FINANCE Cricket Fever තරගයට ඇතුළු විය හැකි අතර තරගයට ඇතුල් වන්නන් අතුරින් කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය. තරගය සමගින් එක්වීමේ කාලය ඔක්තොම්බර් 22 වන දින සිට නොවැම්බර් 13 වන දින දක්වා වේ. ජයග්‍රාහකයින් නොවැම්බර් 13වන දිනෙන් අනතුරුව HNB FINANCE හි සමාජ මාධ්‍ය ජාලය තුළින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. මෙම තරගයට අදාළ නවතම තොරතුරු HNB FINANCE හි Facebook, Instagram, YouTube, Twitter, TikTok සහ Linkedin සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිස දැනගත හැකි වන අතර තරගය සදහා ප්‍රවිශ්ඨ වන Link එක  හිතවතුන් හා හුවමාරු කර ගැනීමෙන් වැඩි දෙනෙකුට HNB FINANCE Cricket Fever තරගාවලිය සමග එක් විය හැකි බව HNB FINANCE පවසා සිටී.

‘අපගේ පාරිභෝගිකයින් වෙත වඩාත් නව්‍ය අවස්ථාවන් හිමිකර දෙමින් ඔවුන් හා සම්බන්ධ වීමට අපි නිරතුරුව කටයුතු කර තිබෙනවා. හැම විටම පාරිභෝගිකයින් සමග ඵලදායී සම්බන්ධයක් පවත්වා ගැනීම අපගේ අභිප්‍රාය වන අතර ඒ සඳහා සෑම විටම කටයුතු කර තිබෙනවා. සමාජ ජාලා ඔස්සේ සිදු කරන ප්‍රවර්ධන සහ අලෙවිකරණ වැඩසටහන් තුළින් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින අතර සැම විටම නව්‍ය සහ විවිධාංගීකරනයෙන් යුතු තරග සහ ප්‍රවර්ධන වැඩසටහන් අපගේ පාරිභෝගිකයින්ට හඳුන්වා දීම තුළින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල පාරිභෝගික සමාජයක් ගොඩනංවා ගැනීමට HNB FINANCE සමත් වී සිටිනවා” යනුවෙන් හි අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ මහතා පැවසීය.