HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා පත් කෙරේ

    September, 21, 2021

    HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ද අදාළ දින සිට කටයුතු කරනු ඇත.

    හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා  2014 වසරේ සිට 2021 සැප්තැම්බර් දක්වා HNB FINANCE PLC හි සභාපතිවරයා ලෙසින් සමාගමේ උන්නතිය උදෙසා අනභිභවනීය සේවාවක් ඉටුකළ අතර මෙම වසරේ සැප්තැම්බර් 10 වනදා සිට HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා එම තනතුරේ වගකීම් උසුලනු ඇත.

    ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා බැංකු, රක්ෂණ, ආයෝඡන බැංකුකරණය සහ ඇඟලුම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි උසස් තනතුරු හොබවා ඇත. එමෙන්ම ඔහු දැනට Hatton National Bank PLC හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් සේවය කරන අතර HNB Assurance " Guardian Acuity Management " Lanka Financial Services Bureau Ltd සහ Credit Information Bureau ආදී ආයතන වලද ඉහළ තනතුරු දරමින් අනගි සේවයක් ඉටුකරමින් සිටී.

    ව්‍යාපාර තිරසර ලෙසින් මෙහෙයවීමේ ප්‍රබල හැකියාවක් සහ ශක්තිමත් නායකත්වයක් සතු ඔහු මේ වනවිටත් HNB බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ කාර්යාවලියට උරදෙමින් ඒ සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන්නෙකි.

    ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා මේ වනවිට ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) සහ ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ (තායිවානයේ) ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ උප සභාපති ලෙස සේවය කර ඇති අතර CIMA, ACCA සහ Risk Professional Forum හි සභාපතිවරයා ලෙස දෙවරක්ම වසර දෙකක කාලයක් සේවය කර ඇත. ඔහු දශකයකට වැඩි කාලයක් විවිධ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ^ CIMA, ACCA, PIM MBA &  දේශකයෙකු ලෙස තම දැනුම බෙදාදී ඇත. ඔහු දැනට එහි අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා තම දැනුම ලබා දෙන අතරම ීඛෂෘ හි අධ්‍යයන වැඩසටහන් හි ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. ඩිල්ෂාන් රුද්‍රිගෝ මහතා CIMA සහ ACCA වැනි එක්සත් රාජධානියේ ගිණුම්කරණ ආයතනයන්හි සාමාජිකත්වය දරන අතර එක්සත් රාජධානියේ ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙකි.