Huawei ලෝකයේ හොඳම වෙළඳ නාම 100 අතරට

    October, 31, 2015

    ලොව සුපතල Huawei වෙළඳ නාමය ලෝකයේ හොඳම නිෂ්පාදන 100 අතර පෙරමුණට පැමිණෙයි. ලොව ප්‍රමුඛපෙලේ සන්නාම උපදේශක ආයතනයක් වන Interbrand ආයතනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව Huawei #88 වන ස්ථානයට පැමිණ තිබේ. ඊට යාබද ස්ථාන දෙක හිමිකරගෙන ඇත්තේ Land Rover සහ FedEx විසිනි. Huawei පසුගිය වසරේ මෙම ශ්‍රේණිගත කිරීම් වල 94 වන ස්ථානයට පත්වු අතර එය මේ වනවිට 88 දක්වා ඉහළ නංවා ගැනීමට Huawei සමාගම සමත් වී සිටියි.මේ සමඟ වසරක් තුළ ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රථම චීන සන්නාමය ලෙස Huawei වෙළඳ පොළ වාර්තා අතරට එක්ව තිබේ.මෙම ශ්‍රේණිගත කිරීම් වල ප්‍රමණ නිෂ්පාදන 100 අතරින් 33.6% ක්ම තාක්ෂණික නිෂ්පාදන වීම ද විශේෂත්වයකි.

    ලෝකයේ තුන්වන ජංගම දුරකථන අලෙවියෙන් ලොව තුන්වන ස්ථානයට පත්ව සිටින Huawei මේ වනවිට 15% ක වෙළඳ පොල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.ඩොලර් මිලියන 4952 ක අලෙවි වටිනාකමක් සටහන් කර ඇති Huawei මේ වනවිට ලෝකයේ ස්මාර්ට්ෆෝන් ඉල්ලුමෙන් 7%ක් සම්පුර්ණ කරයි.මීට පෙර ලොව ජංගම දුරකථන වෙළඳ පලේ තුන්වන ස්ථානයේ සිටි Microsoft සමාගම අභිබවා යමින් Huawei එම ස්ථානය හිමිකරගෙන තිබේ. ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ තවත් පැළඳිය හැකි තාක්ෂණික උපාංග දෙකක් ගතවු වසර තුළ ජනප්‍රිය වු Huawei නිෂ්පාදන
    අතර වෙයි.

    Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රි ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ Huawei සමාගම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීම සඳහා සහ ලොව ප්‍රමුඛ සන්නාම අතරට එක්වීමේදී ආසියානු කලාපය සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ බවයි. ස්මාර්ට්ෆෝන් වෙළඳ පොලේ Huawei සුවිශේෂි තත්වයට පත්වීම සඳහා ශ්‍රිලංකේය පාරිභෝගිකයාගෙන් ලද දායකත්වය ද අමතක කළ නොහැකි බවයි. ලෝක ආර්ථිකය සලකාබැලීමේදී අග්නිදිග ආසියාව සුවිශේෂි ආර්ථික කලාපයක් වල අතර එම කලාපය තුළ Huawei ලබා ඇති ප්‍රගතිය ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයට පත්වීමට බලපා ඇති බවද Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රි ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ආසියානු සහ ජාත්‍යන්තර වෙළඳපොලේ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් තත්වයෙන් සහ ගුණාත්මක භාවයෙන් උසස් නිෂ්පාදන සිය පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීමට Huawei නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම තත්වය ද ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාමයක් බවට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉදිරියේදී තවත් නිෂ්පාදන රැසක් එළිදැක්වීමට Huawei අපේක්ෂා කරන අතර එම නිෂ්පාදන එලිදැක්වීමෙන් පසු තවදුරටත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ගමන් කිරීමට Huawei සන්නාමයට හැකියාව ලැබෙනු ඇති බව නියතය.