July, 6, 2026
එක්ව නවතම තාක්ෂණයෙන් මෙහෙයවන අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවාවක් සවිබල ගන්වමු යන්න තේමා කරගත් 2026 ගෝලීය අධ්‍යාපන හා සෞඛ්‍යය හවුල්කරුවන්ගේ සමුලුව පසුගියදා චීනයේදී පැවැත්විණ. මෙම සමුලුව සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් 500කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Huawei සමාගම විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් AI Digitalization 2.0 —AHEAD වැඩසටහන නිල වශයෙන් එළි දක්වන ලදී.
කාලීන අවශ්‍යතාවයට සරිලන හවුල්කාරීත්වය ඉහළ නැංවීම හා AI මඟින් සිදුවන සුවිසල් වෙනස Huawei සමාගමේ උප සභාපති සහ ගෝලීය රාජ්‍ය අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Junfeng Li මහතා සිය ප්‍රධාන දේශනයේදී පෙන්වා දුන්නේ අප මේ වන විටත් අමඟින් මෙහෙයවනු ලබන සුවිසල් පරිවර්තන රැල්ලකට හසුව තිබෙන බවයි. එසේම මිනිසාගේ අත්‍යාවශ්‍ය සාධකයන් ලෙස සැලකෙන අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්ද මෙම තාක්ෂණික පරිවර්තනයට ලක් විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා සුවිසල් අවස්ථා ප්‍රමාණයක් තිබෙන බවද සඳහන් කළේය. ගෝලීය වශයෙන් සැමට උසස් තත්වයේ කාර්යක්ෂම අධ්‍යාපනයක් හා සෞඛ්‍යය සේවා සැපයුමක් ලබා දීම වෙනුවෙන් AI ඇතුලු නව්‍ය තාක්ෂණයන් යොදා ගැනීමට Huawei සමාගම කැපවී සිටින බවද ඒ මහතා අවධාරණය කරන ලදී. AHEAD වැඩසටහන ඒ සඳහා වන සුවිසල් ඉදිරි පියවරකි.
ක්ෂේත්‍ර 6ක් ඔස්සේ ගෝලීය සහයෝගීතාව
මෙහිදී Partner Alliance 2.0 මඟින් ප්‍රධාන සහයෝගීතා සාදක 6ක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒවා නම් නව ප්‍රවණතා හඳුනා ගැනීම, තාක්ෂණික හා වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වීම, නව විසඳුම් නිර්මාණය කිරීම, වෙළෙඳපොල ප්‍රවර්ධනය, නව ව්‍යාපාරික අවස්ථා හුවමාරුව සහ ව්‍යාපාරික කටයුතු පුලුල් කිරීමයි.
Huawei සමාගමේ ගෝලීය රාජ්‍ය අංශයේ, හවුල්කාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ Robert Yang මහතා මෙම සන්ධානයේ නවීකරණ සැලසුම හෙලි කරමින් ලොව පුරා සිටින හවුල්කරුවන්ගේ සාමූහික දැනුම සහ පළපුරුද්ද උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට Huawei සමාගම බලාපොරොත්තු වන බවත් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට විශේෂ වූ වඩාත් නව්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය. එමගින් මෙම ක්ෂේත්‍රයන්හි ඩිජිටල් සහ තාක්ෂණික පරිවර්තනය ඉතා වේගයෙන් ඉදිරියට රැගෙන යාමට හැකි වනු ඇතැයිද ඒ මහතා මෙහිදී පවසා සිටින ලදී.
මෙම ගෝලීය අධ්‍යාපන සහ සෞඛ්‍ය හවුල්කරුවන්ගේ සමුළුවේ සාර්ථකත්වය තුලින් මෙම ක්ෂේත්‍රයන් ඉදිරියට රැගෙන යාම සඳහා Huawei සමාගම සහ එහි හවුල්කරුවන් සතු සාමූහික කැපවීම මැනවින් පිළිබිඹු විය. Huawei සමාගම සිය හවුල්කරුවන් සමඟ උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහළ වටිනාකමකින් යුත් ප්‍රායෝගික අවශ්‍යතා හඳුන්වා දීමට, නවීන තාක්ෂණයන් මඟින් නව නිර්මාණ බිහිකිරීමට මෙන්ම ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමටත් කටයුතු කරනු ඇත. ඒ අනුව, Huawei සහ එහි හවුල්කරුවන් එක්ව ගෝලීය මට්ටමින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ඩිජිටල් සහ AI තාක්ෂණියේ පරිවර්තනීය හෙට දවසක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත.

Huawei සමාගමේ උප සභාපති සහ ගෝලීය රාජ්‍ය අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Junfeng Li මහතා සිය දේශනය පවත්වමින්

Huawei සමාගමේ ගෝලීය රාජ්‍ය අංශයේ, හවුල්කාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ Robert Yang මහතා අදහස් දක්වමින්
ඡායාරූප විස්තරය - Alliance on Healthcare & Education AI Digitalization 2.0 දියත් කිරීමේ අවස්ථාව
Video Story