Huawei ස්මාර්ට්ෆෝන් මෙරටට ගෙන්වීම 140% කින් ඉහළ යයි

    November, 18, 2015

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට්ෆෝනය වන Huawei පසුගිය ඔක්තෝම්බර් අවසන් වන විට මෙරටට ගෙන්වා ඇති ස්මාර්ට්ෆෝන් ප්‍රමාණය 140% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. අග්නිදිග ආසියානු වෙළද වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ධනය පෙන්නුම් කරන බවයි. 2015 වර්ෂයේ ප්‍රථම භාගය තුළ Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය 300% කින් ඉහළ ගොස් ඇති බව Huawei ශ්‍රී ලංකා පසුගිය සැප්තැම්බරයේ නිකුත් කළ වාර්තා වල දැක්වෙයි. මෙය 2012 වසරේ ස්මාර්ට් ෆෝන් අලෙවිය ආරම්භ කළ දිනයේ සිට වාර්තා වු හොදම අලෙවිය ලෙස සැලකෙයි.

    එමෙන්ම 2015 ඔක්තෝම්බර් මාසය වන විට අග්නිදිග ආසියානු කලාපය වෙත පමණක් Huawei ස්මාර්ට්ෆෝන් ප්‍රමාණය අලෙවිය 30% කින් ඉහළ ගොස් තිබේ.

    මෙම වර්ධනය පිළිබඳව අදහස් දැක්වු Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සියලු Huawei පාරිභෝගිකයින්ට සුවිශේෂි අවස්ථාවක් වන බවයි. මෙරට භාණ්ඩ භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් හා එක්වීම මඟින් දිවයින පුරා පාරිභෝගික ජනතාව වෙත සමීප වීමට හැකිවු බව ද Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පවසයි.

    වසර තුනක් තුළ දී මෙතරම් සාර්ථකත්වයට පත්වීම සඳහා දායකත්වය සහ සහයෝගය දැක්වු සියලු පාර්ශවයන්ට , SINGER ශ්‍රී ලංකා සමාගමට, සිය අගනා තානාපති වරුන් වන පාරිභෝගිකයන්ට සහ සිය කණ්ඩායමට මෙහිදී ස්තුතිය පිරිනමන බවද Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ලොව ප්‍රමුඛ වෙළඳ සමීක්ෂණ ආයතනයක් වන GFK ආයතනයේ දත්ත වලට අනුව මාර්තු සිට සැප්තැම්බර් මාසය දක්වා Huawei ජනප්‍රියතම චීන ස්මාර්ට්ෆෝනය ලෙස 12.9%, 13.6%, 14.4%, 15.2%, 14.9%, 14.9% සහ 15.2% ක් යනාදී වශයෙන් වෙළඳ පළ ජයග්‍රහණය කර ඇති බව පැහැදිලි වෙයි. අගෝස්තු මාසය තුළදී 27.5 % ක වර්ධනයක් පෙන්නුම් කර ඇති Huawei යුවාන් 3000 ත් 4000ත් අතර ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් අතර 30.1% ක් වන Apple ස්මාර්ට් ෆෝන් අලෙවියට පමණක් දෙවන වන බව ද එම දත්ත වල දැක්වෙයි.

    ඡායාරූපය - Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා