Hutch ස්මාර්ට්ෂෙයාර් සේවාව හඳුන්වා දෙයි

    November, 25, 2015

    පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ අද්විතීය සේවාවක්

    මෙරට විශාලතම 3G ජාලයක් වන Hutch ශ්‍රීලංකාවේ මුල් වරට සිය පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි.

    Hutch ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ එක් අංකයක ඇති ඩේටා ප්‍රමාණය තවත් Hutch සිම් කාඩ්පත් ඇති උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ හැකියාව ලැබේ.

    විවිධ උපාංග සඳහා වෙනම Data ටොප් අප් කිරීම්දී මුහුණ දෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.

    ගතවු වසර දෙක තුළ 3G උපාංග භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඊට හේතුවී ඇත්තේ උපාංග සහ සේවාවල මිළ ගණන් පහළ යාමයි. මේ නිසා මේ වන විට එක් පුද්ගලයෙක් සතුව අන්තර්ජාල සේවා සඳහා පරිහරණය කරන ස්මාර්ට්ෆෝනයක්, ටැබ් පරිගණකයක්, ඩොංගලයක් , ස්මාර්ට් ටීවී , සහ අන්තර් ජාල ක්‍රීඩා උපකරණ ආදී උපාංග කිහිපයක් පවතියි.

    මෙම උපාංග සඳහා වෙන් වෙන් වශයෙන් කලට වේලාවට ටොප් අප් කර ගැනීම ද , මේවායේ ඇති ඩේටා වල කල් ඉකුත් වීමේ දිනයන් වෙන වෙනම මතක තබා ගැනීමද අසීරු වු කරුණකි.

    මෙම පවතින ගැටළුවලට පිලියම් වශයෙන් SmartShare පහසුකම් හඳුන්වා දී තිබේ. මෙහිදී එකම අංකයකින් තමන්ට අවශ්‍ය පරිදි සිම්පත් කිහිපයක් අතර ”ඩේටා ෂෙයාර්”කළ හැකි අතර ඒවා තම ජංගම දුරකථනය,ටැබ් පරිගණකය හෝ ඩොංගලය සඳහා භාවිත කළ හැකි වෙයි. මෙම Hutch SmartShare පහසුකම ලබාගැනීම සඳහා කිසිදු අමතර ගෙවීමක් සිදු නොකළ යුතු අතර අමතර මාසික ගාස්තු ගෙවීමක් හෝ ක්‍රියාත්මක කිරීමේ ගාස්තු ගෙවීමක් සිදු කළ යුතු නැත.

    Hutch වෙළඳ ප්‍රධානි මොහොමඩ් හමීඩ් හසන් සඳහන් කළේ මෙම නව සේවාව දහස් ගණනක් වු Hutch පාරිභෝගිකයින් අතර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි. විශේෂයෙන්ම ඩොංගල් සඳහා Hutch සිම්පත් භාවිතයේදී ඒවායේ අංකය වෙනම මතක තබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇති බවත් ඒ මහතා කියයි. එම සිම්පත සදහා මුදල් ගෙවීම,ඩේටා සැලසුම් තෝරාගැනීම, සහ ශේෂය විමසීම ආදී කරුණු දැනගැනීමට අංකය මතක තබාගැනීම අත්‍යවශ්‍යව තිබු බවත් මෙම නව සේවාවෙන් එම සියලු දුෂ්කරතා වලට පිළියම් ලැඛෙන බවත් මොහොමඩ් හමීඩ් හසන් මහතා කියයි.

    පෙරගෙවුම් මෙන්ම පසු ගෙවුම් සබඳතා සහිත පාරිභෝගිකයින් සඳහා මෙම සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. සිය පාරිභෝගික ජීවන රටාවට අවශ්‍ය පරිදි තාක්ෂණය සැපයීම සදහා Hutch සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

    Hutch SmartShare පහසුකම් යටතේ එක් Hutch ඩේටා සබඳතාවක් ඔස්සේ අනිකුත් Hutch සබඳතා සියල්ල සම්බන්ධ කර ගැත හැක.ඒ අනුව ප්‍රධාන ඩේටා සබඳතාවේ පවතින ඩේටා ප්‍රමාණය අනික් උපාංග වලට භාවිත කළ හැක.පාරිභෝගිකයාගේ මුදලට ඉහළ වටිනාකමක් හිමිවීම ද මෙහිදී ලැබෙන අමතර වාසියකි. උපාංග සියල්ලටම සරිලන ඩේටා ප්‍රමාණයක් සහිත package එකක් මිලදී ගැනිමෙන් මෙම සේවාවේ උපරිම ප්‍රතිඵල අත්විඳිය හැකිය.

    මෙම සේවාව පහසුවෙන් සක්‍රිය කිරීමට USSD මෙනු එකක් ඇති අතර නව උපාංග එකතු කිරීමසහ එකතු කර ඇති උපාංග ඉවත් කිරීම ද එමගින් පහසුවෙන් කළ හැකිය.

    Hutch ප්‍රධාන විධායක තිරුකුමාර් නඩරාසා මහතා මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මීට වසර 3කට පමණ පෙර 3G සේවා හඳුන්වා දුන් අවධියේ සිට මේ දක්වා Hutch ඉතා සාර්ථකව ස්ථිරසාර පාරිභෝගික කොටසක් සතු කරගෙන ඇති බවයි.ශ්‍රී ලංකාවේ පවතින ඩේටා ඉල්ලුම දිනෙන් දින වර්ධනය වන බවත්,ඊට සරිලන ආකාරයේ සැපයුමක් ලබාදීමට Hutch සුදානම් බවත් එහි ප්‍රධාන විධායක නිලධාරි වරයා පෙන්වා දෙයි. ගතවු කාලය තුළ සිදුකළ ආකාරයටම සිය පාරිභෝගිකයා වෙත ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවා අත්දැකීමක් සැපයීමට Hutch කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.