ICC කාන්තා T20 ලෝක කුසලානය 2023 සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය Cycle පිවිතුරු හඳුන්කූරු වෙතින්

    February, 2, 2023

    ICC කාන්තා T20 ලෝක කුසලානය 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතය

    ඉන්දියාවේ 
    NR සමූහ ව්‍යාපාරයට අයත් Cycle පිවිතුරු හඳුන්කූරු සන්නාමය, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි. මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළු කණ්ඩායම් සාමාජිකයින්, ක්‍හජකැ පිවිතුරු හඳුන්කූරු සන්නාමයෙහි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් රංගා යන මහත්ම මහත්මීන් සහභාගි වන ලදී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය පුරා පළඳිනු ලබන ජර්සියෙහි ක්‍හජකැ පිවිතුරු හඳුන්කූරු ලාංඡනය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

    මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්ජුන් රංගා මහතා ප්‍රකාශ කළේ, “සන්නාමයක් ලෙස, සෑම විටම අපි කාන්තාවන් සලකන්නේ අපේ වර්ධනයේ ජවය ලෙසින්, ඒ නිසා කාන්තාවන් සවිබල ගැන්වීම අපේ ආයතනික හරයන්ගේ එක් අංගයක්. අපගේ සන්නාමය ප්‍රාර්ථනා, බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින සන්නාමයක්.  ශ්‍රී ලංකාව තුළ අපගේ පැමිණීමත් සමඟම අපට ගෙන ඒමට අවශ්‍ය වන්නේද එයයි. අපගේ ශ්‍රී ලාංකික පවුල වෙතට ‘ප්‍රාර්ථනාවේ අයැදුම’ 
     (Prayer for hope)  යන පණිවිඩය ගෙන ඒම අපගේ අරමුණයි. කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය තුළින්, ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල කණ්ඩායම නියෝජනය කරන කාන්තාවන්ට පමණක් නොව රට තුළ සිටින සියලු දෙනාටම සහයෝගීතාවයේ, ප්‍රාර්ථනාවේ සහ අපේක්ෂාවන්ගෙන් පණිවිඩය අඛණ්ඩව බෙදා හැරීම අපගේ අරමුණයි.

    තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන ශක්තිමත් කණ්ඩායමක්. ඉදිරියේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා අපි ඔවුන්ට සුබ පතනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින තත්වයන් අභිබවා ශක්තිමත්ව නැගී සිටින්නට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මෙරට ජනතාවට උපකාර කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමට අපි උපරිම උත්සාහයක් දරනවා.”

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පවසා සිටියේ, “අපගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුග්‍රාහකයෙකු ලෙස 
    Cycle පිවිතුරු හඳුන්කූරු සන්නාමය එක් වීම ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා. ඔවුන් සමග ඉතාමත් හොඳ සහයෝගීතාවයක් පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම සහයෝගීතාවය හරහා Cycle පිවිතුරු හඳුන්කූරු සන්නාමය පිළිබඳව තවදුරටත් පාරිභෝගිකයන් දැනුවත් වනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ලෝක කුසලාන තරඟාවලිය තුලදී අපේ දක්ෂතාවයන් හොඳින් පෙන්නුම් කරමින් රටේ සෑම කෙනෙක් වෙතම ‘ප්‍රාර්ථනාවේ අයැදුම’ යන පණිවිඩය ගෙන එන්නට හැකි වනු ඇතැයි අප සිතනවා.”

    වසර ගණනාවක් මුළුල්ලේ, 
    Cycle පිවිතුරු හඳුන්කූරු ලොව පුරා ක්‍රීඩා සමඟ සම්බන්ධ වන ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්ව තිබේ. විවිධ ක්‍රීඩා කටයුතු සංවර්ධනය සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්  ක්‍රීඩා කුසලතා පෝෂණය කිරීමට Cycle පිවිතුරු හඳුන්කූරු සන්නාම අඛණ්ඩ අවධානය යොමු කරයි.