IMF නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට

    January, 11, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඔවුන් අද (11) දිනයේ සිට 19 වැනිදා දක්වා සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    එම නියෝජිතයින් මෙරට රැඳි සිටින කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.