IMF පාලන විනිශ්චය තක්සේරුවට අනුව රජයේ ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි

    March, 1, 2024

    මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රධාන කරුණු 15ක් යටතේ වගකීම් - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ලද පාලන විනිශ්චය තක්සේරුවට (Governance Diagnostic Assessment) රජය සිය ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මෙවැනි කටයුත්තකට අවතීර්ණ වූ ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බවයි අමත්‍යාවරයා පෙන්වා දෙන්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙනුවෙන් රජය දක්වන කැපවීම මෙමගින් ප්‍රදර්ශනය වන බව අමාත්‍යවරයා පවසයි.

    මෙම ක්‍රියාකාරී සැලැස්ම යටතේ බදු සංශෝධන සිදු කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලොව පිළිගත් ක්‍රමවේදයන් යටතට ගෙන ඒම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක වගකීම මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයකට හිමිව ඇත.