INSEE සංස්ථා නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සිමෙන්ති සන්නාමය බවට පත්වෙයි

    July, 11, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්ලෙන්ඩඩ් සිමෙන්ති වර්ගය මෙන්ම මෙරට දැනට භාවිතයේ පවතින පැරණිතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාම 100 ලැයිස්තුවට (100 Most Loved Brands) ඇතුළත් වීමට සමත් විය. LMD මගින් වාර්ෂිකව මෙම ‘Brands Annual’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලැබේ.

    ‘100 Most Loved Brands’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සන්නාම සහ ඒවායෙහි ජනප්‍රියත්වය සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ය. එම ලැයිස්තුවට මෙලෙස වාර්ෂිකව ඇතුළත් වීමට සමත් වීම යනු, INSEE සංස්ථා සන්නාමය පාරිභෝගිකයන් අතර කෙතරම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේද යන්නට මනා සාක්ෂියකි. මේ වනවිට INSEE සංස්ථා රට පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ මෙන්ම නිවාස හිමියන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබේ.

    INSEE Cement Sri Lanka සමාගමේ වාණිජ අධ්‍යක්ෂ නන්දන අමුණුතුඩුව මහතා පැවසුවේ, INSEE සංස්ථා සන්නාමයේ ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතුව එහි පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය බවයි. “අප සෑම විටම පාරිභෝගිකයන්ට මුල් තැන දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමටත්, ඔවුන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් උත්සාහ කරනවා. පසුගිය කාලයේ රට තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් මුහුණදීමට සිදු වූ විවිධාකාර අභියෝග ජයගැනීමට අපගේ සන්නාමයේ ශක්තිය අපට මහත් රුකුලක් වුණා. ස්ථාවර සන්නාමයක් බවට පත්වීමට අමතරව INSEE සංස්ථා මෙරට පාරිභෝගිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළුත් සියලුම පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගැනීමටද සමත් වී ඇති බව පැහැදිලියි.”  නන්දන අමුණුතුඩුව මහතා පැවසී ය.

    සිමෙන්ති කාණ්ඩයේ වඩාත්ම ආදරය දිනූ සන්නාමය බවට පත්වීමට අමතරව INSEE සංස්ථා අඛණ්ඩව වසර 12 ක කාලයක් පුරා ‘SLIM Kantar People’s Construction and Housing Brand of the Year’ ඇතුළු සම්මාන හා ඇගයුම් රාශියක් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

    “INSEE සංස්ථා සන්නාමය සතු මෙම ඉහළ පිළිගැනීම නිසා අපට නව අවස්ථා සහ වෙළඳපොළවල් රාශියක් විවෘත වී තිබෙනවා. එමෙන්ම නව නිෂ්පාදන හඳුන්වා දීමේදී වඩාත් විශ්වාසයෙන් යුතුව එය සිදුකිරීමට එමගින් අපට හැකියාව ලැබී තිබෙනවා. අපගේ ඉලක්කය වන්නේ නවෝත්පාදනය ඔස්සේ අපගේ නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන අතරම, පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, ඉදිකිරීම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. ශ්‍රී ලාංකිකයන් ජීවිත කාලයක් පවතින බලාපොරොත්තුවෙන් සිදුකරන ඉදිකිරීම් සඳහා විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුත් සිමෙන්ති නිෂ්පාදන පිරිනැමීමට අප ගන්නා උත්සාහය කිසිවිටෙකත් වෙනස් වන්නේ නැහැ.” නන්දන අමුණුතුඩුව මහතා වැඩිදුරටත් පැවසී ය.

    තම තිරසාරත්ව සහ ප්‍රජා සත්කාර ප්‍රයත්නයන්හි කොටසක් වශයෙන් INSEE Cement Sri Lanka සමාගම තම මෙහෙයුම්වලදී සිදුවන කාබන් විමෝචනය අවම කරමින්, තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටී. මෙහි එක් පියවරක් වශයෙන් 2023 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිසර හිතකාමී සිමෙන්ති වර්ගය ලෙස SLSI 1697 ප්‍රමිතිය යටතේ INSEE සංස්ථා පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකාවේ ‘Green Building Council’ වෙතින් හරිත සහතිකය හිමි වූ ප්‍රථම සිමෙන්ති සන්නාමයද INSEE සංස්ථා පෝට්ලන්ඩ් කොම්පොසිට් ය. SLS 1697 පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති ප්‍රමිතීන්ට අනුකූලව හඳුන්වා දුන් ප්‍රථම සිමෙන්ති සන්නාමයද වූ INSEE සංස්ථා, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය වෙතින් රන් සහතිකකරණයද හිමිකරගෙන තිබේ.

    “ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ද නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. සිමෙන්ති සහ බදාම වෙළඳපොළ දැනටමත් ජයගෙන සිටින INSEE සංස්ථා මේ වනවිට උත්සාහ කරමින් සිටින්නේ පරිපූර්ණ ඉදිකිරීම් විසඳුම් ක්ෂේත්‍රය ජයගැනීමටයි. මේ ගමනේදී මුහුණ දීමට සිදුවන අභියෝග තුළම අපට නවෝත්පාදන අවස්ථා සහ නව ක්ෂේත්‍ර වෙත පිවිසීමේ අවස්ථා රාශියක් හමුවෙනවා. සිමෙන්ති සහ සිමෙන්ති සම්බන්ධ අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍ර මෙන්ම මෙම නව ක්ෂේත්‍රද ජයගැනීමට අපට හැකියාව තිබෙන බව අපට විශ්වාසයි.” නන්දන අමුණුතුඩුව මහතා වැඩිදුරටත් පැවසී ය.

     

    ඡායාරූපය: INSEE Cement Sri Lanka සමාගමේ වාණිජ අධ්‍යක්ෂ නන්දන අමුණුතුඩුව මහතා