August, 6, 2026
ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛයා වන INSEE Ecocycle සමාගම, ISO 10004:2018 පාරිභෝගික තෘප්තිමත්භාවය පිළිබඳ ජාත්‍යන්තර සහතිකය දිනාගත් මෙරට පළමු අපද්‍රව්‍ය කළමනාකරණ සමාගම බවට පත්ව තිබේ. පාරිභෝගික තෘප්තිය ඉහළම මට්ටමින් පවත්වා ගැනීම, පාරිභෝගික අදහස් සහ ප්‍රතිචාර වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම මෙන්ම සේවා තත්ත්වය අඛණ්ඩව උසස් කිරීම සඳහා වන ඔවුන්ගේ කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.
ව්‍යාපාරයක තිරසර වර්ධනයේ ප්‍රධාන රහස පාරිභෝගික තෘප්තිය බව INSEE Ecocycle සමාගම දැඩි ලෙස විශ්වාස කරන සත්‍යයකි. මෙම ISO 10004:2018 සහතිකය හිමිකර ගැනීමත් සමඟ, සියලුම මෙහෙයුම් තුළ පාරිභෝගිකයාට මුල්තැන දෙන ක්‍රමවේදයන් ස්ථාපිත කරමින් සහ විශිෂ්ටත්වය, වගවීම මෙන්ම කොටස්කරුවන්ගේ විශ්වාසය ප්‍රවර්ධනය කරමින් INSEE Ecocycle සමාගම ක්ෂේත්රයට නව මිනුම්දඬු හඳුන්වා දෙන්නට සමත්ව ඇත.
"ISO 10004:2018 සහතිකය දිනාගැනීමෙන් පැහැදිලි වන්නේ අප කරන සෑම දෙයකදීම පාරිභෝගිකයාට මුල්තැන දීමට INSEE Ecocycle සමාගම සතු කැපවීමයි. මෙම සහතිකය අපගේ සේවාවන් කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන අතරම, පාරිභෝගිකයින්ට සහ කොටස්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබාදෙන තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම වෙනුවෙන් වූ අපගේ අරමුණ තව තවත් ශක්තිමත් කරනවා." යනුවෙන් INSEE ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා පැවසීය.
Ecocycle සමාගම ජාත්‍යන්තරව පිළිගත් තවත් ප්‍රමිති සහතික රැසකටද හිමිකම් කියයි. පරිසර කළමනාකරණය සඳහා වන ISO 14001 (EMS), වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ISO 45001 (OHSMS), සේවා ගුණාත්මකභාවය පිළිබඳ ISO 9001 (QMS), සහ මාර්ග ගමනාගමන ආරක්ෂාව පිළිබඳ ISO 39001 (RTS) සහතික ඒ අතර වේ.
මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, පාරිභෝගික තෘප්තිමත්භාවය නිරීක්ෂණය කිරීම සහ මැන බැලීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන ISO 10004 සහතිකය ද ඔවුන්ගේ මෙම ජාත්‍යන්තර සහතික එකතුවට අලුතින්ම එකතු වී ඇත.
Video Story