JAT සමාගම අඛණ්ඩව 6 වන වරටත් ICRA වෙතින් ‘[SL]A+ (ස්ථාවර)’ ශ්‍රේණිය හිමිකර ගනී

    September, 23, 2021

    Moody’s ආයතනය හා සම්බන්ධ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන ශ්‍රේණිගත කිරීම් නියෝජිතායතනය වන ICRA Lanka Limited විසින් JAT Holdings PLC වෙත නැවතත් ‘[SL]A+ (ස්ථාවර)’ ශ්‍රේණිය පිරිනමා තිබේ. අඛණ්ඩව වසර 6 ක් පුරා මෙම ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් වීම JAT Holdings හි මූල්‍ය ශක්තියට මෙන්ම, ආයෝජකයන් අතර එයට හිමි පිළිගැනීමට මනා සාක්ෂියකි. දැව ආලේපන නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමී ශ්‍රී ලාංකික බහුජාතික සමාගම සහ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන සමූහ ව්‍යාපාරයක් වන JAT Holdings මෑතකදී සිදුකළ මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ අතර, එම සමාගම මේ වනවිට කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී තිබේ.

    “ICRA [SL]A+ යනු ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත ශ්‍රේණියක් වන අතර, එය හිමිකර ගැනීම සඳහා ඉතාමත් පුළුල් මට්ටමේ සුදුසුකම් මාලාවක් සපුරාලිය යුතු වනවා. අඛණ්ඩව වසර 6 ක් තිස්සේ එය හිමිකරගැනීමට සමත් වීම, JAT Holdings හි ශක්තියට හා ස්ථාවරත්වයට මනා සාක්ෂියක්. එමෙන්ම එය අපගේ කළමනාකරණ කණ්ඩායමේ සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ දැව ආලේපන වෙළඳපොළ තුළ අප සතු ස්ථානය, අපගේ සන්නාමයේ වටිනාකම සහ අපගේ මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය ආදිය මැනැවින් නිරූපණය කරනවා. අඛණ්ඩව වසර 6 ක් පුරා මෙම ශ්‍රේණිගත කිරීම හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වන අතර, ඉදිරියටත් පාරිභෝගිකයන්ටත්, ආයෝජකයන්ටත්, රටටත් විශිෂ්ට සේවාවක් සැලසීමට අප සෑම විටම සූදානම්.” JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසී ය.

    වෙළදපොළේ අනෙකුත් තරගකාරී සමාගම් වෙතින් කුමන ආකාරයේ අභියෝගයන් එල්ල වුවද, ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය ආරක්ෂා කරගැනීමට JAT Holdings සමත් වී තිබේ. තම ව්‍යාපාර කටයුතු වලදී සෑම විටම උසස් ප්‍රමිතියට මුල් තැන දීම සහ, JAT සන්නාමය සතු පිළිගැනීම හා ජනප්‍රියත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මෙම ජනප්‍රියත්වය මෙන්ම ‘Sayerlack’ නිෂ්පාදන වල විශිෂ්ටත්වය නිසා ශ්‍රී ලංකාවේ ‘වෝටර් බේස්ඩ්’ දැව ආලේපන සම්බන්ධ ප්‍රමුඛයා ලෙස JAT ඇගයීමට ලක්වී තිබේ. තවද සමාගමේ “Harris” බුරුසු මෙරට තීන්ත බුරුසු වෙළඳපොළ ජයගෙන ඇති අතර, “SEA Bauformat” සුඛෝපභෝගී මුළුතැන්ගේ කට්ටල එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්වී ඇත. මේ සියල්ල නිසා ශ්‍රී ලංකාවේ සුවිශේෂී හා දැවැන්ත ව්‍යාපෘති රාශියකට දායක වීමට JAT සමාගමට අවස්ථාව ලැබී තිබේ.

    මෙම සාධක සියල්ල හේතුවෙන් සෑම විටම ස්ථාවර මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට JAT Holdings සමත් වී ඇත. 2021 මූල්‍ය වර්ෂයේදී සමාගමේ මෙහෙයුම් ලාභ ආන්තිකය පෙර වසරේ පැවති 13.8% සිට 14.1% දක්වා වර්ධනය වූ අතර, ඉහළ ආන්තිකයන් සහිත දැව ආලේපන නිෂ්පාදන වලින් වැඩි ආදායමක් ලැබීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී, කළමනාකරණ කාර්යක්ෂමතාවන් වැඩිදියුණු කිරීම හේතුවෙන් සමාගමේ මෙහෙයුම් ලාභ ආන්තිකය 14.9% දක්වා වර්ධනය විය.

    අභ්‍යන්තර අරමුදල් යහපත් මට්ටමක පැවතීම සහ ණය ගැනීම් සාපේක්ෂව අවම වීම නිසා, JAT Holdings PLC හි ප්‍රාග්ධන ව්‍යුහයද යහපත් මට්ටමක පවතී. 2021 ජූලි මාසයේදී සිය මූලික මහජන කොටස් නිකුතුව මගින් උපයාගත් රු. බිලියන 1.5 ක මුදල, සමාගමේ ප්‍රාග්ධන වියදම් සඳහා මෙන්ම, එහි යහපත් ප්‍රාග්ධන ව්‍යුහය මධ්‍යකාලීන වශයෙන් පවත්වා ගැනීම සඳහා උපකාරී වනු ඇත. අඩු ණය මට්ටම් සහ යහපත් මෙහෙයුම් ආන්තිකයන් හේතුවෙන් සමාගමේ ණය දර්ශකයන් යහපත් තලයක පවතී.  සමාගමේ ණය එකතුව ප්‍රධාන වශයෙන් කෙටිකාලීන කාරක ප්‍රාග්ධන ණය වලින් සමන්විත වන අතර, කේවල මට්ටමේ කාලීන ණය මීට ඇතුළත් නොමැත. ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ අප්‍රිකාව සම්බන්ධයෙන් සමාගම සතු අනාගත ක්‍රමෝපායික සැලසුම්, සමාගමේ දීර්ඝකාලීන මූල්‍ය ශක්තියට හා ස්ථාවරත්වයට මහෝපකාරී වනු ඇත. එමෙන්ම JAT සමාගම මේ වනවිට බංග්ලාදේශය තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම, එරට තුළ එහි ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් වීමට හේතුවක් වනු නිසැක ය.

    1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම එදා පටන්ම මෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් වී ඇති අතර, සමාගමේ ලාභයන් අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් ලැබෙනුයේ විදේශ මුදල් වලිනි. අඛණ්ඩව වසර 4 ක් පුරා LMD මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනු සමාගම් 100 අතරට නම්කරනු ලැබූ එම සමාගම, Brand Finance හි විශිෂ්ටතම සමාගම් 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. සිය මූලික කොටස් නිකුතුවට පෙර JAT Holdings සමාගම මෙරට පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පැවති සමාගම් අතරින් ICRA “A+ (ස්ථාවර)” ශ්‍රේණිය අඛණ්ඩව වසර 5 ක් හිමිකර ගැනීමට සමත් වූ එකම සමාගම වූ අතර, පසුගියදා එම සමාගමට 6 වන වරටත් එම ශ්‍රේණිය හිමි විය.