September, 1, 2021
තහවුරු කළ ව්‍යපෘති වල වටිනාකම රු. බිලියනය ඉක්මවයි
ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, CIDA SP 01 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කරමින් එය ජාත්‍යන්තර තලයට ඔසවාලීම සඳහා කටයුතු කරන, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction Industry Development Authority - CIDA) මගින් මෙම සහතිකරණය පිරිනමනු ලබයි. මෙම සහතිකකරණ ක්‍රියාවලිය ඔස්සේ එම අධිකාරිය විසින් ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්රමිතීන්, ප්‍රතිපත්ති හා නියාමනයන් රැසක් හඳුන්වා දී ඇත. ගෙබිම, බිත්ති සහ සිවිලිම නිම කිරීම (SP1), ගෘහ භාණ්ඩ, උපාංග හා උපකරණ (SP1) සහ වඩු කාර්මික හා කාර්මික (SP2) අංශයන් ආවරණය වන පරිදි විශේෂඥ ඉදිකිරීම් කාණ්ඩය (Specialized construction category - SP) යටතේ JAT Holdings වෙත මෙම සහතිකකරණය හිමි වී තිබේ.
මෙම සහතිකකරණය හිමිවීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT Holdings PLC හි සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති විකිණුම්) ගැවින් වැන්ඩොට් මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ අලුතින් ලැයිස්තුගත වූ සමාගමක් ලෙස මෙම සහතිකකරණය හිමිකර ගැනීමට හැකිවීම අපට ඉතාමත් වැදගත්. මේ වනවිට අප දායක වී සිටින ව්‍යාපෘති වල සමස්ත වටිනාකම රු. බිලියනය ඉක්මවා තිබෙනවා. ඉදිරි මූල්‍ය වර්ෂය තුළ මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවේවි. ආරම්භයේ සිටම අපගේ තාක්ෂණයන් හා ක්‍රියාවලීන් විශිෂ්ට මට්ටමක පවතින බව සහතික කරගැනීමට අප සෑම විටම උත්සාහ කළා. මේ වනවිට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් නියම කර ඇති උසස්ම ප්රමිතීන්, මෙහෙයුම් හා මූල්‍ය තත්ත්වයන්ට අනුකූල වන මට්ටමට පැමිණීමට අප සමත් වී තිබෙනවා. CIDA සහතිකකරණය හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක්.”
CIDA සහතිකකරණයට අදාළ සුදුසුකම් සපුරාලීම සඳහා, ජාතික වෘත්තීය සුදුසුකම් වල 3 වන තලයේ හෝ ඊට ඉහළ සුදුසුකම් සපිරූ අභ්‍යන්තර අධීක්ෂණ කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමට JAT Holdings කටයුතු කර ඇත. එමෙන්ම ඒ සඳහා සමස්තයක් ලෙස රු. මිලියන 180 කට වැඩි හෝ, සහතිකකරණය පිරිනමනු ලබන සෑම කාණ්ඩයක් යටතේම රු. මිලියන 24 කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යපෘති සම්පූර්ණ කර තිබිය යුතු විය. මීට අමතරව CIDA සහතිකකරණය පිරිනැමීම සඳහා ISO ප්‍රමිති සහතිකය හිමි වී තිබිය යුතු අතර, ප්‍රජාවගේ යහපත උදෙසා ආයතනික ප්‍රජා සත්කාරයන්ද ක්‍රියාවට නංවා තිබිය යුතු වේ. මෙම සුදුසුකම් සියල්ල මෙන්ම අනෙකුත් අදාළ තාක්ෂණික ප්‍රමිති මට්ටම් සපුරාලීම නිසා, JAT Holdings සමාගමට CIDA සහතිකකරණය හිමි විය.
“මෙම සහතිකකරණය හිමි වීම මගින්, ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛයෙකු හා විශේෂඥයෙකු ලෙස අප සතු පිළිගැනීම නැවත වාරයක් තහවුරු වී තිබෙනවා. ඉදිරියේදී අපගේ නිෂ්පාදන තවදුරටත් වැඩිදියුණු කරන අතරම නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි. අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනා වෙතින් ලැබෙන නොසැලෙන සහයෝගය නිසා, වෙළඳපොළේ පවතින විශාල අභියෝග හමුවේ පවා මෙබඳු ජයග්‍රහණ අත්කර ගනිමින් සාර්ථක මූල්‍ය ක්රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අපට හැකිවී තිබෙනවා. එම නිසා, අප කෙරෙහි තැබූ විශ්වාසය සහ අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන්, අපගේ පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය හා ආයෝජකයන් ඇතුළු සියලුම දෙනා වෙත ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” ගැවින් වැන්ඩොට් මහතා වැඩිදුරටත් පැවසී ය.
1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම එදා පටන්ම මෙරට දැව ආලේපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව වසර 4 ක් පුරා LMD මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනු සමාගම් 100 අතරට නම්කරනු ලැබූ එම සමාගම, Brand Finance හි විශිෂ්ටතම සමාගම් 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. Prime Grand, Luna Tower, Altair, සහ Ritz-Carlton ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපෘති රැසකට දායක වී ඇති JAT Holdings, Moody වෙතින් අඛණ්ඩව වසර 5 ක් පුරා ICRA “A+ Stable” ශ්‍රේණිගත කිරීම හිමිකර ගැනීමට සමත් වූ එකම පෞද්ගලික සමාගම වීම විශේෂත්වයකි.
Video Story