නාරාහේන්පිට ගුවන් යානයේ රහස. රේ විජේවර්ධනගේ “ලිහිණියා“ හොල්මන් කරයි

    January, 14, 2015

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් ඊයේ සොයාගත් අබලන් වූ ගුවන් යානය, අත් ට්‍රැක්ටරය නිර්මාණය කළ ශ්‍රී ලාංකේය කීර්තිමත් නව නිපැයුම්කරුවෙකු මෙන්ම විද්‍යාඥයෙකු වන රේ විජේවර්ධන මහතාට අයත්ව තිබූ “ලිහිණියා“ නැමති කුඩා ගුවන් යානය වනු ඇතැයි අනාවරණය වේ.

    මේ නිසා, ගුවන් යානා පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහන් කරන්නේ දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම කුඩා ගුවන් යානයේ මුල් අයිතිකරුවා රේ විජේවර්ධන මහතා වනු ඇති බවයි.
    මාධ්‍ය විසින් ඊයේ ප්‍රසිද්ධ කළ ලා සහ තද නිල් පැහැති මෙම ගුවන් යානය Kitfox classic නැමති ගුවන් යානා විශේෂයට අයත් බව ඔවුහු සඳහන් කරති.
    Kitfox යනු ලොව ඉතාමත් ප්‍රසිද්ධ වූ කුඩා ගුවන් යානා විශේෂයක් වූ අතර විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ වෙසෙන ගුවන් යානා පිළිබඳ උනනදුවක් දක්වන අය එම ගුවන් යානා කොටස් රැගෙනවිත් එකලස් කර ගුවන් යානා නිර්මාණය කිරීමට එකළ කටයුතු කර තිබුණි.
    මෙම එකලස් කිරීම ගුවන් යානා නිර්මාණය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙකුට පහසුවෙන් කළහැකි බව සඳහන්ය.[caption id="attachment_4179" align="alignnone" width="640"]ඊයේ නාරාහේන්පිටදී සොයාගත් ගුවන් යානය ඊයේ නාරාහේන්පිටදී සොයාගත් ගුවන් යානය[/caption]

    ගුවන් යානා නිෂ්පාදනය පිළිබඳව මනා දැනුමක් තිබූ රේ විජේවර්ධන මහතාට මෙවැනි ගුවන් යානයක් තිබී ඇති අතර ඔහු ඒ සඳහා “ලිහිණියා“ යන නම භාවිතා කර ඇත.
    ගුවන් යානා පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහන් කරන්නේ ඊයේ නාරාහේන්පිටදී හමුවූ ගුවන් යානය බොහෝදුරට රේ විජේවර්ධන මහතා විසින් භාවිතා කළ “ලිහිණියා“ යානයම වනු ඇති බවයි. [caption id="attachment_4180" align="alignnone" width="580"]රේ විජේවර්ධන මහතා ඔහුට අයත් “ලිහිණියා“ ගුවන් යානය සමග රේ විජේවර්ධන මහතා ඔහුට අයත් “ලිහිණියා“ ගුවන් යානය සමග[/caption]

    මෙම ගුවන් යානයේ හිමිකරු තමා යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම්රත්නම් මහතා පොලීසියට පැවසුවා යැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.