LankaPropertyWeb.com ඕනෑම ජංගම උපාංගයකින් ඉතා හොඳින් නැරඹිය හැකි ලෙස වැඩි දියුණු කරයි

    May, 10, 2016

    අන්තර්ජාල දේපල වෙළඳාමේ අංක එකේ සිටින LankaPropertyWeb.com ඔවුන්ගේ නවීකරණය කරන ලද වෙබ් අඩවිය විවිධ ජංගම උපාංග වල විවිධ තිර ප්‍රමාණයන් සඳහා ස්වයන්ක්‍රීයව හැඩ ගැසෙන ආකාරයෙන් සැලසුම් කර ඇත.

    පරිගණක මගින් අන්තර්ජාල භාවිතය මේ වන විට බොහෝ සෙයින් පහත වැටී තිබෙන අතර ලාංකික අන්තර්ජාල පරීශීලකයන් ඒ සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට නැඹුරු වී ඇත. වර්තමානය වන විට මෙම ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 2.5 ඉක්මනවන අතර ප්‍රතිශතයක් ලෙස එය මුළු අන්තර්ජාල පරිශීලකයන්ගෙන් 57% කි. එබැවින් LankaPropertyWeb මෙම ජංගම දුරකතන භාවිත කරන්නන්ට උසස් පරිශීලක අත්දැකීමක් ලබාගැනීමට පහසුකම් සපයා ඇත.

    9 වසරක අන්තර්ජාල දේපළ දැන්වීම් වල අවිවාදාත්මකව ප්‍රථමයා වෙමින්, පරිශීලකයන්ට ඉක්මනින් තම දේපළ විකිණීමට හෝ බදු දීමට පහසු වන ආකාරයේ වෙළඳ ආකෘතියකට LankaPropertyWeb හිමිකම් කියයි. තව දුරටත් මෙම අඩවිය පරිශීලකයන්ට නොමිලේ තම දැන්වීම් පලකිරීමටද ඉඩ පහසුකම ලබාදෙන අතර එමගින් සමාගමට වසර ගණනාවක් මුළුල්ලේ එම ක්ෂේත්‍රයේ දැඩි තරඟකාරීත්වයක් ලබා දීමට හැකි වී ඇත.

    දේපළ වෙළඳාමේ නියුතු වන්නන්ට සහ පාරිභෝගිකයන්ට වේගවත්ව පහසුවට මෙන්ම නොමිලේ දේපළ සොයාදීමේ අන්තර්ජාලජාල මුහුණතක් නිර්මාණය කිරීමේ අදහස පෙරදැරිකොට ගෙන 2007 වර්ෂයේදී මෙම සමාගම ආරම්භ කරන ලදී. මේ වන විට එමගින් 150,000 කට අධික වෙළඳ දන්ම්වීම් ප්‍රමාණයක් ප්‍රචාරය වී තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ දිනෙන් දින ඉහල යන අන්තර්ජාල භාවිතය හමුවේ, දේපළ වෙළඳාමේ නියුතු වෙබ් අඩවියකට පැමිණෙන ඉහලම නරඹන්නන්ගේ සංඛාව වාර්තා කරමින් මසකට මිලියන 4.5 කට අධික නැරඹුම් ප්‍රමාණයක් (Page Views) මෙම අඩවිය වාර්තා කරමින් සිටියි. දේපළ වෙළඳාමේ යෙදෙන අනෙකුත් වෙබ් අඩවි සඳහා යොමුවෙන නරඹන්නන්ගේ සංඛාව හා සසඳන කල සැලකියයුතු මට්ටමකින් අභිභවා යමින් LankaPropertyWeb එම කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. මෙම ජනප්‍රියතාව පිණිස නොකඩවා සිදු කරන ආයෝජනයන් මගින් 2016 වර්ෂයේදී ශීග්‍ර වර්ධනයක් සමාගම අපේක්ෂා කරන බව නිර්මාතෘ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂ වන දහම් ගුණරත්න මහතා නව ජංගම දුරකථන වෙබ් අඩවිය දියත් කරමින් අදහස් පල කළේය.

    නව අඩවිය දියත් කිරීමේදී අදහස් දැක්වූ ගුණරත්න මහතා, “අපි කැපවී සිටිනවා නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මෙම දේපළ විකිණීමේ සහ මිලදී ගැනීමේ කටයුතු සඳහා උසස් සේවාවක් ලබා දෙන්න. 2007 වසරේ පටන් LankaPropertyWeb ලංකාවේ අන්තර්ජාල දේපළ වෙලඳාමේදී පුරෝගාමි වී සිටියා. අපි මේ සඳහා නව තාක්ෂනය යොදා ගත්තා. අපේ අඩවිය භාවිත කරන්න නරඹන්නන් විවධ වර්ගයේ තාක්ෂණික උපාංග උපයෝගී කරගන්නවා. අපිට සහතික වෙන්න පුළුවන් ඕනෑම ආකාරයේ පරිගණක හෝ ජංගම උපාංගයකින් අපේ අඩවිය ඉතාමත් ආකර්ශනීයව පැහැදිලිව මෙන්ම උසස් පරිශීලක අත්දැකීමක් සහිතව නරඹන්න පුළුවන් බව. ඉතා කුඩා තිරයක් ඇති ජංගම දුරකතනයේ සිට පුළුල් තිර රුපවාහිනියක් දක්වා ඇති සියලුම විවිධ තිර ප්‍රමාණ ඇති උපකරණ මගින් එකම ආකාරයෙන් අපේ අඩවිය නැරඹිය හැකියි.”

    මීට අමතරව නව අංග ලෙස චන්ද්‍රිකා තාක්ෂනය මගින් පරීශීලකයන්ට ආසන්නව ඇති දේපළ පහසුවෙන් අනාවරණය කරගැනීමත්, දේපළ දැන්වීම් WhatsApp සහ Viber තාක්ෂනයන් ඔස්සේ අනෙක් අය හා පහසුවෙන් හුවමාරු කරගැනීමේ පහසුකම්ද එක්වී තිබෙනවා. මෙම අධි තාක්ෂණික මුත් හැසිරවීමේ පහසු නව අංග, අඩවි පරිශීලකයන්ට දේපළ පහසුවෙන් මෙන්ම නිවැරදිව සොයාගැනීමට දායක වනු ඇතැයි LankaPropertyWeb විශවාස කරනවා.

    ගුණරත්න මහතා වැඩිදුර ප්‍රකාශ කලේ මෙම ජංගම දුරකථන මගින් ලබා දෙන සේවාව සමාගමේ අනාගත සැලසුම් වල මූලිකාංගයක් වන බවයි . වැඩි පිරිසක් අතරට LankaPropertyWeb ගෙන යාම පිණිස, ශ්‍රී ලංකාවේ දිනෙන් දින ශීග්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන භාවිතයෙන් එකතුවන පරිශීලකයන් ආකර්ෂණය කරගැනීමටත් ඔවුන්ට ලබා දිය හැකි උසස්ම අත්දැකීමක් ලබා දීමටත් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.