Lenovo වෙතින් Artificial Intelligence හැකියාවන් සමග ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ දැක්ම වේගවත් කිරීමක්

    December, 7, 2023

    නවමු ‘අත්දැකීම් අලෙවිහලක්’ (Experience Store) විවෘත කරමින් මෙරට තම ව්‍යාපාර සවිබල ගන්වයි.

    ගෝලීය තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන Lenovo තම කලාපීය ව්‍යාපාර කටයුතුවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ දී නවමු ආකාරයේ ‘අත්දැකීම් අලෙවිහලක්’ (Experience Store) ඊයේ (06) දින විවෘත කළේය. කර්මාන්ත, ව්‍යවසායයන් සහ පුද්ගලයින් සවිබල ගන්වන කෘත්‍රිම බුද්ධියෙන් (Artificial Intelligence) සමන්විත උපාංග, යටිතල පහසුකම්, විසඳුම් සහ සේවාවන් හරහා කෘත්‍රිම බුද්ධියෙහි බලය මුදාහරිමින් මෙරට ඩිජිටල් පරිවර්තනයෙහි ප්‍රගමනය වෙනුවෙන් වන ඛැබදඩද හි වඩාත් පුළුල් කැපවීම ද මෙමගින් අවධාරණය කෙරේ.

    Lenovo හි විදෙස් ව්‍යාපාර, පාරිභෝගික, වාණිජ සහ ටැබ්ලට් පරිගණක කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී නවීන් කෙජිරිවාල් මේ සම්බන්ධයෙන් පවසන්නේ, “අප පාරිභෝගිකයින් සහ සහකරුවන් සඳහා පුරෝගාමී නිෂ්පාදන සහ විසඳුම් හරහා වඩාත් සුහුරු තාක්ෂණය ලබා දීම අපගේ සංකල්පය වෙනවා. මෙරට සිදු කෙරෙන අපගේ ආයෝජන වඩාත් පුළුල් කරමින් අපගේ විකුණුම් වෙළෙඳ ජාලය සහ හවුල්කාරිත්ව පද්ධතිය ශක්තිමත් කෙරෙන්නේ, Lenovo හි Pocket to Cloud’ ඉදිරිපත් කිරීම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ගැනීම සහතික කිරීමටයි,” යනුවෙනි.

    අඛණ්ඩව කාර්තු තුනක් තිස්සේ මෙරට අංක එකේ පරිගණක සන්නාමය ලෙසින් Lenovo ඉදිරියෙන් සිටින අතර, සිය වෙළෙඳපොල කොටස අඛණ්ඩව වර්ධනය කර ගැනීම සඳහා ද සමාගම කැපවී සිටී. සමස්ත මිලදී ගැනීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ‘Lenovo Experience Store’ (LES) පොරොන්දු වන අතර, එහි අද්විතීය ‘UNIFY’ නිර්මාණය සමග ‘Stay and Play’ අත්දැකීම් සඳහා එක්වන ලෙසට සමාගම පාරිභෝගිකයින් දිරිමත් කරයි. තම ව්‍යාපාරික කටයුතු ව්‍යාප්තිය වෙනුවෙන් වන කලාපීය වර්ධන සැලැස්ම යටතේ මෙම අලෙවිහල විවෘත කිරීම ඛැබදඩද විසින් සිදුකර ඇත. ඉදිරි වසර දෙකක කාලයේදී මෙවැනිම අලෙවිහල් 10ක් රට පුරා විවෘත කරමින් තම සලකුණ තැබීමට Lenovo අදහස් කොට සිටී.

    Lenovo India හි පාරිභෝගික ව්‍යාපාර අධ්‍යක්ෂ දිනේෂ් නායර් තම අදහස් දක්වමින් කියා සිටින්නේ, “සීමාවකින් තොරව විවිධ ප්‍රදේශ හරහා පුළුල් පරාසයක පරිශීලකයින් හට කෘත්‍රිම බුද්ධියට ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීම සඳහා අප කැප වී සිටිනවා. ශ්‍රී ලාංකීය වෙළෙඳපොලෙහි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනයට සහ සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වෙමින් නවෝත්පාදන සහ තාක්ෂණික ප්‍රගතිය පෝෂණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

    මෙරට ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ඉහළ නංවන සහ රජයේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ මෙහෙවරට සහාය වන නවතම සහ නවෝත්පාදක උපාංග ගණනාවක් හඳුන්වා දෙන අතරවාරයේ, සිය බෙදාහැරීම් කටයුතු ශක්තිමත් කිරීමට ද Lenovo පියවර ගෙන ඇත. උපාංග, සේවා සහ කෘත්‍රිම බුද්ධි විසඳුම් පිළිබඳ සිය විශේෂඥතාව උපයෝගී කර ගන්නා Lenovo විවිධ අංශ හරහා ඩිජිටල් විසඳුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ද ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ නොයෙකුත් ගණුදෙනුකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.