Location-Sharing නව විශේෂාංගය සමඟින් Samsung SmartThings Find සේවාව සොයා ගැනීම් මිලියන 100ක් සපුරයි

    December, 6, 2021

    සීඝ‍්‍රයෙන් වර්ධනය වන SmartThings සේවාව හරහා සෑම දිනකම අස්ථානගත වූ devices සිය දහස් ගණනක් සොයා ගැනීම සඳහා පරිශීලකයින්ට සහාය දක්වයි

    2020 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රථමවරට දියත් කළ SmartThings Find සේවාව දැන් සොයා ගැනීම් මිලියන 100කට වැඩි ප‍්‍රමාණයක් සමඟින් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජීවිත සමඟ එක්ව ඇති ප‍්‍රමුඛතම තාක්ෂණයක් වන SmartThings මඟිින් බල ගන්වනු ලබන මෙම විශේෂාංගය හරහා දිනකට 230,000ක් පමණ devices ස්ථානගත කිරීම සිදු වේ.

    Samsung ශ‍්‍රී ලංකා හිි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යු මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ‘’වසරකට අඩු කාලයක් තුළ SmartThings Find සේවාව මෙතරම් ඉක්මණින් වර්ධනය වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. එය සෑම දිනකම ලොව පුරා සිටින පරිශීලකයන්ගේ අස්ථානගත වූ devices සිය දහස් ගණනින් සොයා ගැනීමට උපකාරී වනවා. වඩාත් පහසු හා කරදරයකින් තොර ජීවිතයක් වෙනුවෙන් වන අර්ථවත් නවමු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන Samsung හි තවත් සුවිශේෂී සේවාවක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීම වෙනුවෙන් අප සමඟ එක් වෙමින් අපට උපකාර කළ සියලූ පාරිභෝගිකයන් වෙත මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කර සිටිනවා. යනුවෙනි.

    සීඝ‍්‍රයෙන් පරිශීලකයන් අතර වර්ධනය වෙමින් තිබෙන මෙම SmartThings Find සේවාවෙහි pinpoint ලියාපදිංචිය ලබා ඇති Galaxy smartphones, smartwatches, earbuds සහ S Pen Pro මෙන්ම Galaxy SmartTag+ device එකක් සහිත යතුරු හෝ පසුම්බි වැනි පුද්ගලික දේවල් හඳුනා ගැනීමට මේ තුළින් පරිශීලකයන්ට හැකියාව උදා වේ.

    අස්ථානගත වූ devices සොයා ගැනීම සඳහා Bluetooth Low Energy (BLE) සහ ultra-wideband (UWB) තාක්ෂණය භාවිත කරන SmartThings Find යනු SmartThings තුළ කැපී පෙනෙන සාධකයකි. මෙම උපාංගය සම්බන්ධ කර නොමැති වුවද, අනෙකුත් Galaxy පරිශීලකයන් හට ඔවුන්ගේ Galaxy smartphone හෝ tablet ක‍්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි අතර ඒ තුළින් නැතිවූ devices සොයා ගැනීම සඳහා අන් අයට සහාය විය හැකිය.

    අලූතින් හඳුනන්වා දෙනු ලැබූ SmartThings Find Members සේවාව එක් කිරීමත් සමඟ අඛණ්ඩව ප‍්‍රචලිත වෙමින් පවතින SmartThings Find තම මිතුරන්ට හා පවුලේ සාමාජිකයින්ට තම SmartThings ගිණුමේ සාමාජිකයන් වීමට ආරාධනා කිරීමේ හැකියාව පරිශීලකයන් වෙත ලබා දෙයි. එහෙයින් ඔවුන්ටද ඔවුන්ගේ devices සොයා ගැනීමට හා කළමනාකරණය කිරීමට හැකියාව උදා වීම විශේෂත්වයකි. ඒ තුළින් තමන්ගේ ගිණුමට සාමාජිකයින් 19 දෙනෙකු දක්වා ආරාධනා කිරීමටත් එකවර devices 200ක් දක්වා ස්ථානගත කිරීමටත් පරිශීලකයන්ට හැකියාව ඇත. යම් අයෙක් SmartThings Find Members වෙත ඔබ ලබා දුන් ආරාධනය පිළිගත් පසු, ඔබට ඔබගේ කැමැත්ත මත විශේෂිත devices සඳහා ඔබ තෝරා ගත් devices සහ ස්ථාන නිරීක්ෂණය කිරීම ඔවුන්ටද හැකියාව ලැබීම මෙහි ඇති විශේෂත්වයකි.

    එසේම SmartThings Find Members සුරතල් සතුන් ඇති කරන හෝ මෝටර් රථ යතුරු නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන පවුල් සමාජිකයන්ට විශේෂයෙන් වැදගත් වන්නේ ඔවුන් ළඟ ඔවුන්ගේ ජංගම දුරකතනය නොමැති වුවද මෙම තාක්ෂණය තුළින් එම සියලූ දේ පහසුවෙන් සිදු කරගත හැකි බැවිනි.

    SmartThings යනු IoT හි අනාගතය මෙහෙයවීමට සහ සම්බන්ධිත ජීවිතයන්ට ඉඩ සළසන ප‍්‍රමුඛතම තාක්ෂණයකි. එහි විවෘත වේදිකාව තුළින් දැනටමත් සන්නාම සිය ගණනක් හරහා devices දහස් ගණනක් වෙත සහාය දක්වන අතර බාධාවකින් තොර සම්බන්ධතාවයක් සොයන නවෝත්පාදකයින් සහ සංවර්ධකයින් හට විශාල IoT ecosystem හැකියාවක් සපයනු ලබයි.

    එසේම Samsung විසින් මෑතකදී Bluetooth 5.0 Low Energy (LE) භාවිත කරන ඔවුන්ගේ නවතම Bluetooth tracking tile, Samsung SmartTag එළිදක්වන ලදී. ඔබ සුදුසු යැයි දකින ඕනෑම දෙයකට සම්බන්ධ කරන විට නැති වූ උපකරණ සොයා ගැනීම සඳහා මෙම උපකරණ සහාය වනු ඇත. ඔබට ඒවා මුදල් පසුම්බිය, බෑගය හෝ සුරතලාගේ පටිවලට වුවද සම්බන්ධ කරගත හැකිය. එහිදී ඔවුන් Samsung හි SmartThings app සමඟ සම්බන්ධ වන අතර පසුව tag එකෙහි අවසාන ස්ථානය පරීක්ෂා කර ඉඩකඩ ඇති අවකාශයන්හි එය ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වීමට ශබ්දයක් වාදනය කිරීමේ හැකියාව පාරිභෝගිකයාට උදාවේ. එම tracker එකට මීටර් 120ක පරාසයක් ඇති අතර එය එක්වර touch කිරීමෙන් ක‍්‍රියාත්මක IoT පාලනයක් ලෙසද ක‍්‍රියා කරයි. ඊට සම්බන්ධිත TV, රෙදි සෝදන යන්ත‍්‍ර හා අනෙකුත් Samsung උපකරණ ක‍්‍රියාත්මක කිරීමට හෝ ඒවා අක‍්‍රීය කිරීමට හැකි බව එයින් අදහස් වේ. මෙම Samsung SmartTag ශ‍්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයින්ගේ රුපියල් 5,599ක මුදලකට ලබා ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත සලසා දී ඇත.

    මේ තුළින් පරිශීලකයාගේ අත්දැකීම් තව දුරටත් ඉහළ නංවන අතර ඔවුන්ට අවශ්‍ය සෑම ස්ථානයකම ස්මාර්ට් ක‍්‍රියාකාරීත්වය සහ හැකියාවන් ගෙන ඒමට Samsung කැපවී කටයුතු කරයි. ලොව පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක මිලියන ගණනක පාරිභෝගික පිරිසක් මෙම SmartThings app හරහා මෙන්ම දුරකතන, රූපවාහිනී මෙන්ම ඩිජිටල් උපකරණ වැනි Samsung නිෂ්පාදන මාලාවක් මගින් තම නිවෙස්වල ස්වංක‍්‍රීයකරණය කිරීමට SmartThings තාක්ෂණය වෙත ප‍්‍රවේශ වී සිටියි. SmartThings විසින් නව IoT ප‍්‍රමිතිය වන Matter ඇතුළු වඩාත් නම්‍යශීලී protocols ප‍්‍රමාණයක් පිරි නමනු ලබයි

    2012 දී දියත් කරන ලද SmartThings මූලස්ථානය Mountain View, CA හි පිහිටා ඇති අතර IoT සඳහා විවෘත ගෝලීය ප‍්‍රමිතීන් නිර්මාණය කිරීම, නඩත්තු කිරීම සහ බෙදා හැරීම සිදු කරනු ලබන සමාගම් සිය ගණනක සංවිධානයක් වන Connectivity Standards Alliance ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්ද වේ.

    ඒ ආකාරයේ සුවිශේෂී සන්ධිස්ථානයන් සමඟ සිය ecosystem ශක්තිමත් කරමින් සරල හා පහසු සේවාවක් පාරිභෝගිකයා වෙත ලබා දීමට Samsung සමත්ව ඇත. ඒ තුළින් සුව පහසු තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට ඉඩ සලසන Samsung වඩාත් තිරසාර හා තාක්ෂණයෙන් පරිපූර්ණ අනාගතයට මග හසර විවර කිරීමටද නිරන්තරයෙන් කටයුතු කරයි.