‘Love the Fashion, Feel the Passion’සංකල්පය සමගින් එම්බාර්ක් නත්තල් නිෂ්පාදන මාලාව එළිදැක්වෙයි

    December, 1, 2015

    ප්‍රජා සත්ත්ව සුභසාධන වැඩසටහනක් සමග ඒකාබද්ධ වී තිඛෙන සුවිශේෂී සන්නාමයක් වන එම්බාර්ක් මෙම නත්තල් සමයේදී පාරිභෝගිකයින් වෙනුවෙන් හදවතින්ම තිළිණ කරන සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට කැපවී සිටින අතර තමන්ගේ සත්කාරක සේවාවන්හි කරුණාව සහ කැපවීමට නව පණක් එකතු කරමින් සිය නිෂ්පාදන මාලාව අළුත් කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනේ.

    මෙම සංකල්පයට දෘෂ්‍ය නියෝජනයක් ලබා දීමට එම්බාර්ක් කණ්ඩායමේ සාමාජිකයින් සහ සමාජයේ වෙනසක් කිරීමට කැපවී සිටින කරුණාවන්ත පුද්ගලයින් මෙවර ඉදිරිපත් වී ඇති අතර සන්නාමයේ නත්තල් නිෂ්පාදන මාලාව ජාත්‍යන්තර විලාසිතා රිද්මය සමග මනාව ගැලපේ. විලාසිතා කරන අතරම ලෝකය යහපත් තැනක් ලෙස වෙනස් කිරීමට කැමැත්ත දක්වන පුද්ගලයින්ට මෙම විලාසිතා මාලාව තුළින් කදිම වේදිකාවක් නිර්මාණය වී ඇත.

    2015 නත්තල වෙනුවෙන් ඉදිරිපත් කර තිඛෙන සතුට විනෝදය සපිරි වැකි සහිත ටී-ෂර්ට් පෙළ සහ නත්තලේ නවතම විලාසිතා මාලාව සහ ආයිත්තම් පෙළ එළිදක්වමින් හදවත උණුසුම් කරන ‘Love the Fashion, Feel the Passion‘ තේමාව සමග එක්වීමට එම්බාර්ක් ගනුදෙනු කරුවන්ට ආරාධනා කරන බව සමාගම පවසයි. එහි මූලික වර්ණ සංයෝජනය වන උසස් රතු සහ සුදුවන් වර්ණයෙන් විචිත්‍රවත් වූ නව ඇඟලූම් මාලාව සුනඛ සුරතලූන් හා සබැඳි විලාසිතා තේමාවන්ගෙන්ද සමන්විතය. මෙම නිෂ්පාදන මාලාවට නත්තල් සැරසිලි, ත්‍යාග පාර්සල් කිරීමේ කඩදාසි සහ නත්තල් සුභ පැතුම් පත් මෙන්ම නත්තල වෙනුවෙන් ත්‍යාග ලබාදීමට අවශ්‍ය ත්‍යාග වවුචරද ඇතුළත් වේ.

    මීට අමතරව, මෙම නත්තල් විලාසිතා පෙළට සමගාමීව සෑමදෙනාම බලාපොරොත්තුවෙන් සිටි 2016 එම්බාර්ක් දින දර්ශනය එළිදක්වා තිඛෙන්නේ ළබැඳි පාරිභෝගිකයින් වසර පුරාම තමන් ආදරය කරන ‘Fashion and Passion‘ තේමාව සමග ඒකාබද්ධ වන ලෙසිනි.

    එම්බාර්ක් විසින් නත්තල වෙනුවෙන් ඉදිරිපත් කළ විලාසිතා පෙළ ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කර තිඛෙන විචිත්‍රවත් මාධ්‍ය ප්‍රවර්ධනය සඳහා වෘත්තීය නිරූපන ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනුවට එම්බාර්ක් කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් පෙනී සිටීම කැපී පෙනේ. “පිටුපසින් සිට ප්‍රජා සත්ත්ව සුභසාධන වැඩසටහන සඳහා ශක්තිය දෙන පිරිස හදුනාගැනීම අවශ්‍යයයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එම්බාර්ක් නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන මහත්මිය පැවසුවාය. “එම්බාර්ක් මෙහෙය වන්නේ මිනිසුන්ගේ ධෛර්ය, කරුණාව සහ කැපවීම පදනම් කරගෙනයි. අපගේ වීදි සුනඛයින් සමාජයේ කොටසක් ලෙස පිළිගැනීමටත් අප රටේ සියළුම සත්ත්වයන්ට අභිමානවත් ලෙස සලකන සමාජයක් ගොඩනැගීමටත් අවශ්‍ය පුද්ගලයින් මේ පිටුපස සිටිනවා. ඔවුන් මුළු වසර පුරාම අපගේ ජීවිතවල කොටසක් වුවත් ඔවුන්ගේ වටිනාකම ඇගයීමට නත්තල ඉතාමත් හොඳ කාල පරිච්ඡේදයක්.“

    සමාජ ජාලයේ www.facebook.com/Embarklk සහ www.facebook.com/Otaradel වෙබ් අඩවි තුළින් එම්බාර්ක් විසින් නත්තල වෙනුවෙන් එළිදක්වා තිඛෙන රෝසිගෙ නත්තල් රෙසිපීස්, නිකෝගේ නත්තල් හැක්ස් සහ නත්තල් ත්‍යාග අදහස් ඇතුළුව නත්තලේ සිරිය වඩවන එම්බාර්ක් ඇඟලූම් සහ ආයිත්තම් පෙළක් ඉදිරිපත් කර තිබේ.

    එම්බාර්ක් වැඩසටහනට මුදල් පරිත්‍යාග කිරීමට උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් සඳහා රුපියල් 500 සහ රුපියල් 1000 පරිත්‍යාග කාඩ්පත් මෙවර එම්බාර්ක් විසින් හඳුන්වා දී තිබේ. මෙම කාඩ්පත් මගින් උපයා ගන්නා මුදල් විශේෂ අවශ්‍යතා සහිත සුනඛයින්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ඇත.

    නත්තල් නවතම නිෂ්පාදන ඇතුළු සියළුම එම්බාර්ක් නිෂ්පාදන ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ zඔඩෙල්Z විලාසිතාගාරයේ සහ ජා ඇල, කේ-සෝන් හි එම්බාර්ක් අලෙවි සැල් තුලින් සහ කොළඹ 05 ඩික්මන් පාරේල ගාලූ කොටුවේ, කැන්ඩි සිටි සෙන්ටර්හි සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි එම්බාර්ක් ස්වාධීන අලෙවි සැල් වලින් මිලදීගත හැකිය.

    ‘Love the Fashion, Feel the Passion’ සංකල්පයේ එළිදැක්වීමට ඉදිරිපත් වූ එම්බාර්ක් සාමාජිකයින් පිරිසක්