ඉහළම බුහුමන් ලැබූ නිළියත් ගණිකා වෘත්තියේ යෙදුණේ යැයි අත්අඩංගුවට

    September, 5, 2014

    හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා අතින් 2002 වසරේදී එරට ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම ළමා ශිල්පිනිය ලෙසින් බුහුමන් ලැබූ Shweta Prasad නැමති බොලිවුඩ් නිළිය ගණිකා වෘත්තියේ යෙදුණේ යැයි යන චෝදනා මත හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    නිළියක ලෙසින් තමාට ලැබෙන ආදායම් පහත වැටුණු බවත් එදිනෙදා වියදම් හෝ පියවා ගැනීමට නොහැකි වූ නිසා ගණිකා වෘත්තියට වැටුණේ යැයි මේ වනවිට 23 වනවියේ සිටින ඇය පාපෝච්චාරණය කර ඇතැයි සඳහන්ය.

    වයස අවුරුදු 11 ක්ව සිටියදී Makdee නැමති චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය වෙනුවෙන් ඇයව 2002 වසරේදී ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම ළමා ශිල්පිනිය ලෙස තෝරාගෙන තිබුණි.
    [caption id="attachment_3063" align="alignnone" width="634"]හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා අතින් 2002 වසරේදී එරට ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම ළමා ශිල්පිනිය ලෙසින් බුහුමන් ලබා. සේයාරුවේ දකුණු පස සිටින්නේ ඇයයි. හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා අතින් 2002 වසරේදී එරට ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම ළමා ශිල්පිනිය ලෙසින් බුහුමන් ලබා. සේයාරුවේ දකුණු පස සිටින්නේ ඇයයි. [/caption]