MAS ඉන්දියාවේ TATA සමූහයට අයත් Trent Ltd සමඟ අත්වැල් බැඳගනියි

    January, 31, 2023

    MAS Holdings හි අනුබද්ධිත සමාගමක් වන MAS Amity Pte. Ltd. Tata සමූහයෙහි Trent Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹෙමින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමට ඉන්දියාව තුළ ආයතනයක් පිහිටුවන ලදී.

    MAS සහ Trent විසින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් නිෂ්පාදන මාලාවක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ ප‍්‍රවීණත්වය යොදාගන්නා අතර හවුල් ව්‍යාපාරය ආශ‍්‍රිත නිෂ්පාදන සැලසුම් කිරීම සහ ප‍්‍රභවයන් සඳහා පහසුකම් සපයනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings (Pvt) Ltd හි සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා පැවසුවේ, ”TATA සමූහය සමඟ අපගේ හවුල්කාරිත්වයේ වැදගත්කම පවතින්නේ අපගේ වටිනාකම් වලට ඉන්දියානු වෙළඳපොල ලබා දෙන දැවැන්ත ව්‍යාපාරික අවස්ථා තුළ ය. මෙම JVA අපගේ ඒකාබද්ධ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇති අතර නිෂ්පාදන නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම පිළිබඳ MAS හි ප‍්‍රවීණත්වය Tata Trent හි ඉන්දියානු වෙළඳපල වටිනාකම සමඟ සම්බන්ධ කරයි. මෙම හවුල්කාරිත්වය හරහා ඉන්දියාව තුළ අපගේ ව්‍යාපාරය වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමට අවස්ථාව උදාවේ.යනුවෙනි.

    Trent Ltd හි සභාපති නොයෙල් එන්. ටාටා මහතා පැවසුවේ, ”සමීපතම ඇඟලූම්, ක‍්‍රීඩා ඇඟලූම් සහ ඒ ආශ‍්‍රිත කාණ්ඩ පිළිබඳ නව කතිකාවතක් නිර්මාණය කිරීම සඳහා මෙම හවුල්කාරිත්වය වඩාත් වැදගත් වෙනවා. MAS මෙම අවකාශය තුළ උසස් තත්වයේ නිෂ්පාදන සිදුකිරීමේ සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කරයි. Trent සහ MAS අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා Trent හි සන්නාම තව තවත් ශක්තිමත් කිරීමට සහ MAS හට ජාත්‍යන්තර වෙළඳපල වෙත ප‍්‍රවේශ වීමට ඇති හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට හැකි වෙනවා. අපගේ ඒකාබද්ධ සහයෝගීතාවය ඉහළ නැංවීමේ අපේක්ෂාවන් සහ අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකිවීම පිළිබඳව අපි වඩාත් සතුටු වෙනවා.යනුවෙනි.