MAS Foundation for Change කඩොලාන ප‍්‍රතිස්ථාපනය වෙනුවෙන් Adore Me සමඟ අත්වැල්බැඳ ගනියි

    May, 29, 2023

    දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී.

    MAS Foundation for Change හි මූලස්ථානය පිහිටා ඇති ශ‍්‍රී ලංකාව, ශාක විශේෂ 22 ක නිවහනක් වන කඩොලාන ගහන කලාපයකි. එහෙත් ඇතැම් වාර්තා වලට අනුව පෙනීයන්නේ මෙරට කඩොලානවලින් 50% ක් ගොවිතැන, සංචාරක ව්‍යාපාරය, ජනාවාස ව්‍යාප්තිය සහ පරිසර දුෂණය හේතුවෙන් විනාශ වී ඇති බවයි.

    MAS Foundation for Change යනු ජෛව විවිධත්වයට අහිතකර බලපෑම් ඇති වීම, සාගර දුෂණය සහ පිරිසිදු ජලය හිඟකම හේතුවෙන් පැනනගින සමාජ හා පාරිසරික අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීම වෙනුවෙන් පිහිටවූ ස්වාධීන ලාභ නොලබන සංවිධානයකි. මෙම පදනම පිරිසිදු සාගර පරිසර නිර්මාණය කිරීම, මිහිතලය ආරක්ෂා කිරීම සහ පිරිසිදු ජලය සඳහා ප‍්‍රවේශය ලබා දීම ඇතුළු අංශ තුනක් කෙරෙහි අවධානය යොමු කරයි. අපගේ මිහිතලයේ ජීවී ගුණය වැඩිදියුණු කිරීමේ ප‍්‍රයත්නයේ තවත් එක් පියවරක් ලෙස, කඩොලාන ප‍්‍රතිසංස්කරණය හඳුනාගෙන ඇත. ඒ හරහා ශාක මුල් අතර ජීවත් වන ජීවීන් ආරක්ෂා කිරීම ඇතුලූ වෙරළබඩ ප‍්‍රදේශවල ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් MAS Foundation for Change හි අධ්‍යක්ෂිකා ශාරිකා සේනානායක මහත්මිය පැවසුවේ, ”මෙම කඩොලාන ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේදී Adore Me සමඟ හවුල්වීමට ලැබීම ගැන MAS Foundation for Change ඉතා සතුටට පත්වෙනවා. කඩොලාන, වෙරළබඩ පරිසර පද්ධති වල වැදගත්ම අංගයකි. ඒවා මගින් සමුද්‍ර ජීවීන්ට සහාය වීම, ස්වාභාවික විපත් වලින් ආරක්ෂා වීම, ගොඩබිම වනාන්තරවලට වඩා 3-4 ගුණයක කාබන් ගබඩා කිරීම සහ වෙරළබඩ ප‍්‍රජාවන්ට ජීවය සැපයීම සිදු කරනවා. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ හෙක්ටයාර 2.5 ක කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරනවා. අපගේ මිහිතලයට හුස්ම ලබාදීම වෙනුවෙන් MAS Foundation for Change නොපසුබටව කටයුතු කරන අතර ඒ සඳහා Adore Me ලබාදෙන සහයට අපි කෘතඥ වෙනවා.” යනුවෙනි.

    ”කඩොලාන යනු මුහුද ආශ‍්‍රිතව ව්‍යාප්ත වන ශාකයක් වන අතර අපව ස්වභාවික විපත්වලින් ආරක්ෂා කිරීමට ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනවා. නමුත් ශ‍්‍රී ලංකාවේ කඩොලාන පද්ධතිය පරිසර දුෂණය, සංචාරක ව්‍යාපාරය සහ ගොවිතැන නිසා විනාශ වී තිබෙනවා. ඒ නිසා MAS Foundation for Change සමඟ හවුල් වීමෙන්, Adore Me අපි ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කඩොලාන පැළ 2,500 කට අධික ප‍්‍රමාණයක් නැවත සිටුවීමට අනුග‍්‍රහය දක්වනවා.” යනුවෙන් Adore Me හි සන්නාම සහ පාරිභෝගික තීක්ෂ්ණ බුද්ධිය පිළිබඳ උප සභාපති, Alix Coucardon පැවසීය.

    2019 දී, Adore Me Cars වැඩසටහන විධිමත් ලෙස දියත් කිරීම, 2022 ජූලි මාසයේදී එහි පළමු ESG වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීම සහ 2022 සැප්තැම්බර් මාසයේදී B Corp සහතිකය ලබා ගැනීම ඇතුළුව එහි මෙහෙයුම්වල සෑම අංශයකම තිරසාර බව මූලිකත්වය ගනියි.

    කඩොලාන ප‍්‍රතිස්ථාපනය ව්‍යාපෘතිය 2025 දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක වේ. පළමු අදියරට ස්ථානීය තාවකාලික කඩොලාන තවානක් පිහිටුවීම, ජීපීඑස් තාක්ෂණය භාවිතයෙන් ඉඩම මැනීම, ඉඩම් සකස් කිරීම, එම ස්ථානයට අතින් පැල ප‍්‍රවාහනය කිරීම සහ පැළ සිටුවීම ඇතුළත් වේ. නඩත්තු අදියරේදී වසර තුනක් සඳහා වාර්ෂිකව බීජ පැල නැවත සිටුවීම හා නඩත්තු කිරීම ඇතුළත් වේ. ශාකවල පැවැත්ම අනුපාතය මැනීම සඳහා ද්වි-වාර්ෂික ව්‍යාපෘති තක්සේරුවක් ද පවත්වනු ලැබේ.

    මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා MAS Foundation for Change වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ හවුල් වී ඇති අතර බලපෑම මැනීම සඳහා පර්යේෂණ ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම සඳහා යාපනය විශ්වවිද්‍යාලය සහ ශ‍්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහය තවදුරටත් ලබාගනු ඇත. වාර්ෂික ජෛව විවිධත්ව සමීක්ෂණයක් සහ කාබන් අනුක‍්‍රමණය ගණනය කිරීම මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් වේ.

    ව්‍යාපෘතිය සඳහා Adore Me හි දායකත්වය තිරසාරභාවය සහ පාරිසරික වගකීම සඳහා සමාගමේ කැපවීම තව තවත් පිළිබිඹු කිරීමකි. MAS Foundation for Change සමඟ හවුල් වීමෙන්, ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා කඩොලාන වනාන්තර සංරක්ෂණය හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට Adore Me බලාපොරොත්තු වේ.