MA’s Tropical Food Processing ප‍්‍රධාන විධායක නිළධාරි මලික් ද අල්විස් මහතා” SLFPA විධායක කමිටු ප‍්‍රධානී ධුරයට

    November, 30, 2015

    MA's Tropical Food Processing සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි මලික් ද අල්විස් මහතා පසුගියදා පැවති ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ වාර්ෂික රැස්වීමේ නව විධායක කමිටු ප‍්‍රධානී වශයෙන් පත්වූවේය. මලික් ද අල්විස් මහතා ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ නව විධායක කමිටු ප‍්‍රධානී වශයෙන් 2016$2017 වර්ෂය තුළ දී කටයුතු කිරීමට නියමිතය.

    මලික් ද අල්විස් මහතා මීට පෙර ශ‍්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ (SLFPA) සභාපති වශයෙන් ද තේරී පත් වූවේය. එමෙන්ම" ඔහු SLFPA විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස හා සුවිශේෂී ස්වෙච්චා තනතුරු ගණනාවක ද කටයුතුකර අත්දැකීම් හිමිකරගත් අයෙකි.

    "SLFPA විධායක කමිටු ප‍්‍රධානී ධුරය මට හිමිවීම එක්තරා අන්දමක අභියෝගයකි. වසර ගණනාවක් පුරා SLFPA සංගමය තුළ කටයුතු කළ අයෙකු ලෙස SLFPA සාමාජිකයින් මෙන්ම අප සංගමය හිමිකරගෙන තිබෙන ජයග‍්‍රහණ පිළිබඳ මනා අවබෝධයක් මා සතුව පවතිනවා. ආහාර සැකසුම් ක්ෂේත‍්‍රය පිළිබඳ වූ ශක්තිමත් සංගමයක අවශ්‍යතාවය අදවනවිට මතුවී තිබෙන බව ද සඳහන් කළයුතුයි. ආහාරපාන කර්මාන්තයේ අවශ්‍යතා හා ගැටලූ හඳුනාගනිමින් ආහාරපාන ක්ෂේත‍්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම SLFPA අරමුණයි. එළඹෙන වසර තුළදී ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සැලසුම් කිහිපයක් මේ වනවිට SLFPA සතුව පවතිනවා. ආහාර සැකසුම් ක්ෂේත‍්‍රයේ හඬ බවට පත්වෙමින් ආහාර සැකසුම් ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා කටයුතු කිරීම SLFPA දැක්ම බවට පත්වී තිබෙනවා." මලික් ද අල්විස් මහතා පැවසුවේය.

    SLFPA, දිගුකාලීන උපායමාර්ගික සැලසුම්වලට විශේෂත්වය දෙමින් SLFPA සංගමයේ විධායක කමිටුව සමග කටයුතු කිරීම මලික් ද අල්විස් මහතාගේ දැක්ම වී ඇත. "zආහාර සැකසුම් කර්මාන්තයේ අනාගත අභියෝගයන්ට මුහුණදෙන අයුරු සැලසුම් කරමින් SLFPA සාමාජිකයින්ගේ අරමුණු සාමූහිකව ජයගැනීමට අප කටයුතු කළයුතුයි. අනාගත අභියෝග ජයගැනීමේ අරමුණින් යුතුව කෙටිකාලීන සැලසුම් වෙනුවට දිගු කාලීන සැලසුම් SLFPA තුළින් ඇතිකරගත යුතුයි."

    "SLFPA දිගුකාලීන සැලසුම් තුළදී අවධානයට ලක්කෙරෙන ක්ෂේත‍්‍ර කිහිපයක් පවතිනවා. ආහාර සැකසුම් කර්මාන්තය හා SLFPA සාමාජිකයින් සිදුකරන අපනයන ප‍්‍රමාණය වර්ධනය කිරීම SLFPA දිගුකාලීන සැලසුම් තුළදී විශේෂයෙන් අවධානයට ලක් කෙරෙනවා." මලික් ද අල්විස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

    "zSLFPA, මීට වසර 15 කට පෙර මෙරට තුළ පැවති ආහාර සැකසුම් කිරීමේ නිරත සමාගම් කිහිපයක එකමුතුවෙන් ආරම්භ විය. SLFPA අතරට එක්වූ බොහෝ සමාගම් එකල මෙරට තුළ පැවති මධ්‍යම ප‍්‍රමාණයේ සමාගම් වූ අතර SLFPA තුළ අද වන විට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ සමාගම් වල සිට බහු ජාතික සමාගම් දක්වා පුළුල් එකතුවක් පවතිනවා." SLFPA ගමන් මග පිළිබඳ පැහැදිලි කළ මලික් ද අල්විස් මහතා පැවසුවේය.

    මෙරට ආහාරපාන කර්මාන්තය තුළ SLFPA සුවිශේෂී ස්ථානයක් උසුලන අතර මෙමගින් පිරිනමන විශේෂ සේවා ගණනාවක් දැකගත හැකිය. SLFPA මගින් ආහාරපාන කර්මාන්තයේ සංවර්ධනය උදෙසා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම" කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් තුළ සාමූහිකත්වය ඇති කිරීම" රජයේ මණ්ඩල හා ආහාරපාන කර්මාන්තයට අදාළ ප‍්‍රතිපත්ති සම්බන්ධ ගැටලූ පිළිබඳ කතාබහ කිරීම හා ආහාරපාන කර්මාන්තයේ ගැටලූ වලට නායකත්වය ලබාදීම ඒ අතරින් විශේෂය.

    කුඩා හා සුළු පරිමාණයේ ආයතන අතර ආහාරපාන සැකසුම් කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීම මලික් ද අල්විස් මහතාගේ වෑයමයි. "ආහාරපාන සැකසුම් කර්මාන්තයේ නිරත සියලූ සමාගම් අතර මනා සන්නිවේදනයක් ඇතිකිරීමට අප උත්සාහ දරනවා. මෙහිදී විශේෂයෙන්ම" ආහාරපාන සැකසීමේ නිරත කුඩා හා සුළු පරිමාණයේ ආයතන අතර මනා සන්නිවේදනයක් ඇතිකිරීමට කටයුතු කරනවා. ආහාරපාන ක්ෂේත‍්‍රය" මෙරට ආර්ථිකයට ඉතා ඉහළ ප‍්‍රතිශතයකින් දායකත්වය ලබාදෙනවා. කුඩා හා සුළු පරිමාණයේ ආයතන මගින් මෙරට ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙනවා. නමුත්, මෙවැනි ආයතන පිළිබඳ බොහෝදෙනෙකු තුළ දැනුවත්භාවයක් ද නැහැ."

    නව නිෂ්පාදන සිදුකිරීමේදී ආහාරපාන සැකසුම් කර්මාන්තයේ සිදුවී තිබෙන වර්ධනය ඉතා අඩු මට්ටමක පවතින බව මලික් ද සිල්වා මහතාගේ අදහසයි. ආහාරපාන වෙළඳපලේ ප‍්‍රධාන සාධකය වී තිබෙන විවිධ පාරිභෝගික අවශ්‍යතා හඳුනාගැනීම අතිශයින් වැදගත් බවද ඔහු පැවසුවේය.

    "ආහාර පරිභෝජනය කිරීම පිළිබඳ පවතින විවිධ පාරිභෝගික රුචිකත්වයන් සම්බන්ධ සමීක්ෂණයක් සිදුකිරීමට අප උත්සාහ දරනවා. පාරිභෝගිකයින් ආහාරයට ගැනීමට කැමති කුමන ආකාරයේ ආහාරද @ ඔවුන් ආහාරයට ගැනීමට අකමැති ආහාර මොනවද? පාරිභෝගිකයින් ගන්නා ආහාර වල ස්වභාවය කෙසේද? ඔවුන් ආහාර මිලදීගන්නේ කුමන ආකාරයේ ස්ථානවලින්ද? වැනි ගැටලූ මෙම සමීක්ෂණයේදී විමසා බැලීමට සූදානම්. මෙවැනි පාරිභෝගික සමීක්ෂණයක් මගින් ඔවුන්ගේ රුචි, අරුචිකම් පිළිබඳ දැනගැනීමට හැකි නිසා ආහාරපාන කර්මාන්තයට ද එවැනි සමීක්ෂණයකින් ලබාගන්නා තොරතුරු අතිශය වැදගත්වනු ඇති. මෙවැනි පාරිභෝගික සමීක්ෂණයකින් ලබාගන්නා තොරතුරු මගින් ආහාරපාන කර්මාන්තයට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදනයේ නිරත නිළධාරීන්ට" පාරිභෝගිකයින්ට වඩාත් හිතකර ප‍්‍රතිපත්ති සකස් කිරීමේ මගපෙන්වීමක් ලැබෙනු ඇත." ආහාරපාන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සිදුකිරීමට සැලසුම් කරගෙන සිටින ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සඳහන් කරමින් මලික් ද අල්විස් මහතා පැවසුවේය.

    "සංවර්ධිත වූ රටවල් සමග සංසන්දනය කිරීමේදී මෙරට දී නිෂ්පාදනය කරන ආහාරපාන මනා සනීපාරක්ෂක ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන බවට වූ කීර්තිමත් නාමයක් අප සතුයි. මෙරට ආහාරපාන වලට මනා ඉල්ලූමක් මෙන්ම සුරක්ෂිත වෙළඳපලක් තිබෙන පසුබිමක මෙරට ආහාර සැකසුම්කරුවන්ට සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව දැකගත හැකියි" ආහාරපාන කර්මාන්තයට පවතින අනාගත ඉල්ලූම පිළිබඳ සඳහන් කළ මලික් ද අල්විස් මහතා පැවසුවේය.

    "පාරිභෝගික ඉල්ලූම හා නැගී එන ගෝලීය වෙළඳපලට සරිලන අන්දමේ නව නිෂ්පාදන සිදුකිරීමට කර්මාන්තයේ නිරත අනෙක් සමාගම් හා එක්වෙමින් කටයුතු කළ යුතුයි." මලික් ද අල්විස් මහතා අවධාරණය කළේය.

    Country Style Foods සමාගමේ සරත් අලහකෝන් මහතා SLFPA සභාපති වශයෙන් තේරී පත්වූවේය' SLFPA, ලේකම් වශයෙන් Trans Continental Packaging and Commodities සමාගමේ තුසිත් විජේසිංහ මහතා පත්වූ අතර භාණ්ඩාගාරික ලෙස Mead Lee Trading සමාගමේ නදීශාන් ගුරුගේ මහතා පත්වූවේය. Control Union Inspection සමාගමේ සුමිත් පොන්නම්පෙරුම, Ceylon Biscuits සමාගමේ වසන්ත චන්ද්‍රපාල හා CMC Engineering සමාගමේ නිශාන් පෙරේරා යන මහත්වරු SLFPA උප සභාපතිවරු ලෙස පත්වූහ.

    SLFPA, රජයේ දෙපාර්තමේන්තු හා රාජ්‍ය නොවන සංවිධාන වල හවුල්කාරීත්වයෙන් යුතුව විවිධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පවත්වයි. මෙම වැඩසටහන් මගින් ආහාර සුරක්ෂිතා ප‍්‍රමිති, සනීපාරක්ෂාව හා නිසි ඇසුරුම්කරණය ආදී ශිල්පයන් පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරයි.

    SLFPA මගින් වාර්ෂිකව සංවිධානය කරන Pro Food Pro Pack ප‍්‍රදර්ශනය මෙරට ආහාර සැකසුම්කරණයේ නිරත ප‍්‍රමුඛපෙළේ සමාගම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ප‍්‍රදුර්ශනයකි. Pro Food Pro Pack ප‍්‍රදර්ශනයට මෙරට ආහාර සැකසුම්කරණයේ නිරත ප‍්‍රමුඛපෙළේ සමාගම් ගණනාවක ආකර්ශණීය බව ද හිමිවේ.

    SLFPA, Institute of Food Science & Technology (IFSTSL) සමග සමීපව සම්බන්ධ වී කටයුතු කරයි. IFSTSL විද්‍යාත්මක ශිල්පක‍්‍රම වලට අනුව ආහාර සැකසුම්කරණයේ නිරත වෘත්තීය මට්ටමේ ආයතනයකි. IFSTSL, මෙරට ආහාරපාන කර්මාන්තයට අවශ්‍ය ප‍්‍රායෝගික පුහුණු වැඩසටහන් හා තාක්ෂණික දැනුම ලබාදීම ද සිදුකරයි.

    SLFPA උතුරු, නැගෙනහිර හා දකුණු පළාත් වලදී ආහාර සැකසුම්කරණය මූලික මට්ටමේ වැඩමුළු පැවැත්වීම සිදුකරයි.