Mercmarine Training විසින් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ලොවම පිළිගත් වෙළඳ නාවික වෘත්තීයට පිවිසීමට මඟ පාදයි

    May, 6, 2021

    ලොව පුරා භාවිතා වන සියලුම භාණ්ඩවලින් 90% ක්ම ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු මාර්ග මගිනි. සමුද්‍රීය වෙළඳාමේ වැදගත්කම සහ ලෝක ආර්ථිකය එය මත කෙතරම් රඳා පැවතින්නේද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙකුට මතක් කර දුන් එක් වැදගත් සිදුවීමක් නම්, මෑතකදී සිදුවූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මඟින් සූවස් ඇළ අවහිර වීමෙන් ගෝලීය ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක හානියක් සිදු වීමයි.

    Mercmarine සමූහයට අයත් වෙළඳ නාවික පුහුණුව (Marine Training) ලබාදෙන  Mercmarine Training  ආයතනය, ලොව පිළිගත් වෙළඳ නාවික වෘත්තීයක් අපේක්ෂා කරන සිසුන් සිය පාඨමාලාවන් සඳහා පිළිගැනීමට සූදානම් ය- මෙම ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සමත් ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට පුළුල් පරාසයක පැතුරුණු පාඨමාලා සඳහා දැන් අයදුම් කිරීමේ අවස්ථාව විවෘත වී තිබේ.

    Mercmarine Training  හී ඇති පාඨමාලා අතර වෙළඳ නාවික ඉංජිනේරු (Engineering Officer Cadet), නාවික කපිතාන් (Navigation Officer Cadet) සහ , "Rating Training" පාඨමාලාවට අයත් Deck Rating, Engine Rating (Motorman training)  සහ  Catering Rating training ආදී වූ පාඨමාලා හැදැරීමේ අවස්ථාව තිබේ. එසේම  Mercmarine Training  ආයතනය තුළ STCW (Standards of Training, Certification and Watchkeeping for Seafarers) සහ  non-STCW  ආදීවන විවිධ කාණ්ඩ ගණනාවකට අයත් කෙටි කාලීන පාඨමාලා රැසක් ද හැදැරීමේ අවස්ථාව ලබාදී ඇත. එමෙන්ම Engine Simulators  සහ  Navigation Simulators  ආදී වූ Simulator පාඨමාලා සහ අදාළ පුද්ගලයාගේ හා ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස නිර්මාණය කළ වෙනත් නාවික පාඨමාලාද මෙහි දී හැදැරීමට අවස්ථාව උදාකර දී තිබේ.  

    Mercmarine Training  හී ව්‍යාපාර සංවර්ධන කළමනාකරු මංජුල විතාරණ මහතා මෙහිදී මෙසේ සිය අදහස් දැක්වීය, “වෙළඳ නාවික වෘත්තිය ඉතාමත් සුවිශේෂී  හා ප්‍රබෝධමත් වෘත්තියක් වන අතර එය ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය වෘත්තියක් ලෙසද සැලකේ. අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට හැකියාව ඇති දක්ෂ, සුදුසුකම් ලත් වෙළඳ නාවික වෘත්තිකයින් සඳහා ගෝලීය නාවික ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතිනවා- මෙම ක්ෂේත්‍රයේ උසස් වෘත්තිකයන් ලෙස සේවා අවස්ථාවන් උදාකර ගැනීමේ හැකියාව ඇති තරුණ තරුණියන් ශ්‍රී ලංකාව තුලින් නිර්මාණය කිරීමට අපි ඉමහත් කැපවීමකින් කටයුතු කරනවා”

    1986 වර්ෂයේ දී ආරම්භ කරන ලද  Mercmarine Training  ආයතනය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික නාවික පුහුණු මධ්‍යස්ථානයයි. මෙහිදී අති නවීන පුහුණු පහසුකම් යටතේ නාවික ඉංජිනේරු, ඩෙක්, කේටරින් වැනි විවිධ මට්ටමේ පාඨමාලා හැදෑරිය හැකි අතර පුහුණු පාඨමාලා මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නාවිකයින් සහ ප්‍රධාන ඉංජිනේරුවන් විසිනි. මෙම පුහුණු ආයතනයේ සියලුම පාඨමාලා උසස් වෙළඳ නාවිකයෙකු ලෙස වැදගත් වෘත්තීය ප්‍රවේශයක් වෙනුවෙන් අවශ්‍ය මනා සක්‍යතාවය ගොඩනැංවීම උදෙසා ජර්මානු ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර තිබේ.

    Mercmarine සමූහයෙහි ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විවිධ ආයතන ක්‍රියාත්මක වේ - නැව් හිමිකාරීත්වය, නැව් පාලනය, නාවික පිරිස් පාලනය සහ වෙළඳ නාවික පුහුණුව මේ ක්ෂේත්‍ර අතරින් කිහිපයකි. නාවික ක්ෂේත්‍රයේ මෙම කාණ්ඩයට අයත් සියලු අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිධ වූ විශේෂඥ සේවා රැසක් එකම සන්නාමයක් යටතේ ලබාදීමට මෙම ආයතනය කටයුතු කරයි

    Mercmarine Training  ආයතනය සහ එම ආයතනය මඟින් ලබාදන පුහුණු පාඨමාලා සම්බන්ධව වැඩිදුර තොරතුරු  www.mercmarinetraining.net  වෙබ් අඩවියට පිවිසීම තුලින් හෝ 0117476100ල 0769387477 අමතා ඔබට ලබාගත හැක.