NDB බැංකුව Most Admired Companies of Sri Lanka 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්‍ර වූ වගයි

    September, 11, 2023

    වඩාත් හිතකර මූල්‍ය කාර්ය සාධනයක් සමඟින් මනා පාලනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් NDB බැංකුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ Most Admired Companies 2022 සම්මාන උළෙලේ දී අඛණ්ඩ තුන්වැනි වසර ඇගයීමට පාත්‍ර විය.

    ඇමරිකානු සහතික කළ රාජ්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ඩේලි FT විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවය හරහා ව්‍යාපාර කාර්ය සාධනය සහ කාර්ය සාධන මිණුම් සලකුණුවල විවිධ අංශ ඔස්සේ විශිෂ්ටත්වය අත්කර ගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන කැපවීමක් පෙන්නුම් කළ ආයතන ඇගවීමට පාත්‍ර වේ. වඩාත් ප්‍රශංසනීය සමාගම් හා සබැඳි මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම, සෙසු ව්‍යවසායකයින්ට සහ ව්‍යවසායකයින් වීමට අපේක්ෂා කරන්නන්ට එකසේ උත්තේජනයක් ලබා දෙයි. මෙම පිළිගත් ආයතන කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් සහ කල් පවතින වර්ධනයක් අත්කර ගනිමින් සිය දක්ෂතාව නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර ඇති අතර, එමඟින් ප්‍රශංසනීය ව්‍යාපාරික කාර්ය සාධනයක් විදහා දැක්වීමට ඔවුන් දායක වී ඇත.

    මෙම සුවිශේෂී ගෞරවය පිළිබඳව සිය අදහස් පළ කළ NDB හි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා, “අපගේ පාර්ශවකරුවන්ට වටිනාකමක් ලබා දීම සඳහා ස්ථාවර සහ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරන අතරම, ගුණාත්මක හා ප්‍රමාණාත්මක මෙහෙයුම් අංශ අතර සුසංයෝගී සමතුලිතතාවයක් එකසේ පවත්වා ගත යුතු බව NDB බැංකුව තරයේ විශ්වාසය කරයි. ඒ අනුව, අප බැංකුවේ පාරිසරික සහ සමාජීය පාලන අභිලාෂයන්, සදාචාරාත්මකව මෙහෙයවීම සහ උසස් පාරිභෝගික සේවාව කෙරෙහි සැලකිය යුතු අවධානයක් ලබා දෙන්නෙමු. අප දරන ප්‍රයත්නයන් සනාථ කිරීමක් වන මෙම ගෞරවය, නිහතමානී ආඩම්බරයක් මෙන්ම උත්තේජනයක් ලබා දෙන අතර, ප්‍රමුඛ බැංකු ආයතනයක් ලෙස අපගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරමින් අපගේ පාර්ශවකරුවන් සහ ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩ වටිනාකමක් ලබා දීම සඳහා නිරතුරුව අපව පොළඹව යි”, යනුවෙන් සඳහන් කළේ ය.

    මෙම සම්මාන ප්‍රධාන වැඩසටහන කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක මත පදනම් වූ දැඩි ඇගයීම් ක්‍රියාවලියක් යටතේ සිදු කෙරේ. අවම වශයෙන් 30% ක් හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් සහිතව වසර 5කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන සහ පසුගිය වාර්ෂික වාර්තාකරණ චක්‍රයේ අවම ආදායම රුපියල් මිලියන 500ක් උපයා ඇති ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ සමාගම් යන ද්විත්වය මෙම සම්මාන ප්‍රධාන වැඩසටහනට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබයි.

    ගනුදෙනුකරුවන්ට හිතකර බැංකු පහසුකම් පිරිනැමීම හරහා වැඩිදියුණු වූ පුනර්ජනනීය බලශක්ති මූලාරම්භයන් සඳහා මූල්‍ය සම්පාදනය කිරීම ඇතුළුව අති නවීන ඩිජිටල් බැංකුකරණ, ව්‍යාපෘති සහ යටිතල පහසුකම් මූල්‍යකරණය යනාදී වශයෙන් පූර්ණ විසඳුම් රැසක් NDB හි පුළුල් බැංකුකරණ ක්‍රියාවලියට ඇතුළත් වේ. මේ හරහා සිය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ස්ථානගත වීමට NDB බැංකුවට අවස්ථාව සැලසේ.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත.

    NDB බැංකුව, 2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේ (Asian Banking and Finance Awards 2023) දී පාරිභෝගික බැංකුකරණයේ වසරේ හොඳම බැංකුව බවට පත් විය. එමෙන්ම, ඒෂියා මනී (Asiamoney) විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.

     

    ඡායාරූප විස්තරය - Daily FT හි නිස්තාර් කාසිම්; ශ්‍රී ලංකාව සඳහා ජපානයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ගරු කට්සුකි කොටාරෝ; NDB හි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න; NDB හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා; ICC ශ්‍රී ලංකා හි සභාපති ශනිල් ප්‍රනාන්දු; AICPA සහ CIMA හි දේශීය ප්‍රධානී සහරා අන්සාරි FCMA(UK), CGMA