May, 7, 2024
NDB බැංකුව VISA සමඟ එක්ව මෙරට බැංකු තාක්ෂණයේ නවතම පෙරළියක් ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ඉදිරිපත් කරන ගෙවීම් අත්පලඳනාව NDB WriztPay වෙළෙඳපොලට හඳුන්වා දුන් බව ඉතා සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම නවතම හඳුන්වාදීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මූල්‍ය ගනුදෙනුුවල පහසුව සහ ආරක්ෂාව සහිතව ගෙවීම් සිදුකිරීමේ මාධ්‍යයක් ලෙස මෙම තාක්ෂණය හඳුන්වා දෙයි.
NDB WriztPay ගෙවීම් අත්පලඳනාව (wearable), නව තාක්ෂණික අත්දැකීම් සොයා යන සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන්ගේ මූල්‍ය කටයුතු බාධාවකින් තොරව කළමනාකරණය කරගැනීම සඳහා අසමසම පහසුවක් ලබා දෙයි. VISA හි අතිනවීන ගෙවීම් තාක්ෂණයෙන් බල ගැන්වෙන, VISA contactless ගනුදෙනු පිළිගන්නා ලොවපුරා මිලියන සංඛ්‍යාත වෙළෙඳ ආයතන වෙත වේගවත් සහ ඉතා ආරක්ෂිත ගෙවීම් සිදුකිරීම සඳහා මෙමගින් අවස්ථාව සැලසෙයි.
මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වෙමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා විසින් NDB WriztPay අත්පලඳනාව මඟින් ශ‍්‍රී ලංකාවේ සිදුකල පළමු ගනුදෙනුව සනිටුහන් කළ අතර, වඩාත් පහසු බැංකුකරණ පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තැබූ පළමු අඩිතාලම ලෙස මෙම අවස්ථාව සලකුණු කරයි.
NDB WriztPay ගෙවීම් අත්පලඳනාව, ශ‍්‍රී ලාංකික ජනතාවගේ මූල්‍යකරණය අලූත් මානයකට රැගෙන යන, නවතම තාක්ෂණයේ සහ බැංකු සේවාවන් හි සුසංයෝජනයේ විශ්මිත නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැක. එය එදිනෙදා නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම්, ආපනශාලා, හෝටල් හෝ විදේශ ගත වීම යන ඕනෑම අවස්ථාවක දී, NDB බැංකු ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අත පැලඳි NDB WriztPay පලඳනාව ගෙවීම් යන්ත‍්‍රය වෙත ස්පර්ශ කිරීමෙන් කරදරයකින් තොරව ගනුදෙනු සිදුකළ හැකි බව NDB බැංකුව සහතික කරයි.
NDB WriztPay පාරිභෝගිකයින්ට හිමිවන සුවිශේෂී ප‍්‍රතිලාභ
NDB හි මෙම නවතම හඳුන්වාදීම, NDB WriztPay පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය සඳහා නවීන, ආරක්ෂිත සහ පහසු ක‍්‍රමයක් ලබා දෙයි, තාක්ෂණය මත පදනම් වූ බැංකු විසඳුම් සමඟ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සුවපහසු කරයි.
ඡායාරූප විස්තරය - NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි කැලූම් එදිරිසිංහ මහතා ශ‍්‍රී ලංකාවේ පළමු NDB WriztPay ගනුදෙනුුව සිදු කල අවස්ථාව.
Video Story