April, 24, 2026
ජාතික සංවර්ධන බැංකුව (NDB PLC) තුළ සිදු වූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පත් කර ඇති බව NDB බැංකුව පවසයි.
මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත බව බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී. අදාළ වංචනික ගනුදෙනු සිදු වූ ආකාරය මෙන්ම, එම කාලසීමාව තුළ බැංකුවේ පාලන පද්ධති, අධීක්ෂණය සහ ආයතනික පාලනයේ (Governance) පැවති යම් දුර්වලතා හෝ අඩුපාඩු පිළිබඳව Deloitte ආයතනය විසින් මෙහිදී සවිස්තරාත්මකව විමර්ශනය කරනු ඇත.
මෙම පරීක්ෂණයේ මූලික සොයාගැනීම් සහ අවසන් වාර්තාව Deloitte ආයතනය විසින් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Video Story