NDB ශිල්ප සමඟින් පොලියත් ඩබල්, අනාගතෙත් ඩබල්

    September, 25, 2023

    සියලුම දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු රාශියක් සමඟින්  කටයුතු කරයි. හොඳින් අධ්‍යාපනය ලබා, වගකීම් සහගතව මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට තම දරුවන්ට හැකිවේද යන චකිතය දෙමාපියන්ට නිරායාසයෙන් දැනේ. එබැවින්, ප්‍රජාව ඉලක්ක කරගත් ස්ථිරසාර මූල්‍ය ආයතනයක් වන NDB බැංකුව, සිය ශිල්ප ළමා ඉතුරුම් ගිණුම හරහා, දරුවන්ට අඛණ්ඩව වර්ධනය වීමට සහ සාර්ථකත්වය ළඟා කරගැනීමට අවශ්‍ය දේ සපයමින් ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.

    ඒ අනුව, දෙමාපියන්ට තම දරුවන්ගේ අනාගතය ගොඩනැඟීමට සහය වන හොඳම විසඳුම් ශිල්ප ළමා ඉතුරුම් ගිණුමේ නවතම මුලපිරීම හරහා පිරිනැමේ. "පොලියත් ඩබල් ! අනාගතෙත් ඩබල් !" යන තේමාව යටතේ නව්‍යකරණය වන කළ NDB ශිල්ප ඉතුරුම් ගිණුම හරහා, ඉතිරි කිරීමේ පුරුද්ද කුඩා කල සිටම වර්ධනය කරගැනීමට දරුවන් සහ දෙමාපියන් දිරිමත් කෙරේ. ආකර්ෂණීය ඩබල් ඩෙකර් බස් රථයක් හරහා ඉහත තේමාව සංකේතාත්මක ලෙස මැනවින් විදහා දැක්වේ.

    ශිල්ප ළමා ඉතුරුම් ගිණුමේ විශේෂත්වය වන්නේ ගිණුම් හිමියාට දෙගුණ වූ පොළියක් (100% ක බෝනස් පොලියක්) හිමි වීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 500 ක් හෝ ඊට වැඩි මාසික තැන්පතුවක් පවත්වාගෙන යාමයි. එමෙන්ම, ඉහළ ඉතිරියක් සිදු කිරීමේ පුරුද්ද දිරිමත් කිරීමේ අරමුණින් ගිණුම් හිමියන්ට විශේෂ ත්‍යාග, වවුචර්පත් සහ බොහෝ ප්‍රතිලාභ රැසක් ද පිරිනැමේ .

    තවද, ශිෂ්‍යත්ව විභාගය (5 ශ්‍රේණිය) සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ යන විභාගවලදී විශිෂ්ට දක්ෂතා දක්වන දරුවන් අගය කිරීම සඳහා ශිල්ප ළමා ඉතුරුම් ගිණුම හරහා විශේෂ ත්‍යාග පිරිනැමේ. එපමණක් නොව, ගිණුම් හිමියාට රෝහල් රක්ෂණාවරණයක් සහ දෙමාපියන්ට හෝ භාරකරුට ජීවිත රක්ෂණාවරණයක් ද මේ හරහා හිමි වේ. NDB බැංකුව මීට අමතරව සිය ප්‍රවර්ධන කාලසීමාව තුළදී, දැනට පවතින ත්‍යාගවලට අමතරව විශේෂ ත්‍යාග ක්‍රමයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව, රු. 10,000 ට වැඩි තැන්පතු සහිත ගිණුම් හිමියන් තෑගි වවුචර සඳහා සුදුසුකම් ලබති.

    තවද, NDB ශාඛා රැසකට ගොස් රට පුරා සංචාරය කරන මෙම සංකේතාත්මක ඩබල් ඩෙකර් බස් රථය, සුදුසුකම් ලත් ගිණුම් හිමියන්ට විවිධ විනෝදජනක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාවලින් සමන්විත සොඳුරු චාරිකාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දෙයි.

    NDB බැංකුවේ ශිල්ප ළමා ඉතුරුම් ගිණුම මනා ඉදිරි දැක්මක් සහිත මූල්‍ය තේරීමක් පමණක් නොව, සිය අනාගත සිහින සැබෑ කරගැනීම සඳහා ඉතිරි කිරීමේ වැදගත් පුරුද්ද දරුවන් තුළ වැඩි වර්ධනය කරවන අනාගත ආයෝජනයක් ද වේ.

    මෙම දීමනාව ලබා ගැනීමට හෝ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට, ඔබේ ළඟම ඇති ශාඛාවට හෝ https://www.ndbbank.com/personal/accounts/ndb-shilpa-childrens-savings-account වෙත පිවිසෙන්න.