NOLIMIT සිය 31 වෙනි ශාඛාව One Galle Face Mall හි විවෘත කරමින් විලාසිතා ක්ෂේත්‍රයේ නව පියවරක් තබයි

    September, 7, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ කැපවීම සනිටුහන් කරන වැදගත් සන්ධිස්ථානයකි.

    වර්ග අඩි 12,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නවතම ශාඛාව, කොළඹ ප්‍රමුඛ පෙළේ සාප්පු සවාරි සහ ජීවන රටා ගමනාන්තයක් වන One Galle Face Mall වෙත NOLIMIT හි පුළුල් විලාසිතා හා ජීවන ශෛලිය හැඩගන්වන නිෂ්පාදන (lifestyle needs) එකතුව රැගෙන එයි. මෙම ශාඛාව තුළ පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් පැළඳුම්, පාවහන්, විලාසිතා උපාංග, ගෘහ උපකරණ, සෙල්ලම් බඩු, ට්‍රැවල් ලගේජ් (travel & luggage) මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක භාණ්ඩ ලබාගත හැකි අතර, පවුලේ සියලු අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමේ පහසුකම මෙමගින් පාරිභෝගිකයන් වෙත ලබාදෙයි.

    One Galle Face Mall හි නවීන පරිසරයට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති මෙම ශාඛාව,  වඩාත් ඉඩ පහසුකම් සහිත නවීන අභ්‍යන්තර සැලසුම්කරණයකින් සහ අංගසම්පූර්ණ තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වේ. පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීම සඳහා ස්වයංක්‍රිය ගෙවීම් (self-checkout) පහසුකම් ඇතුළු නවීන අංග රැසක් මෙහිදී හඳුන්වා දී ඇත.

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් NOLIMIT හි කළමනාකාර අධ්‍යක්ෂ හෆීස් මුබාරක් මහතා මෙසේ පැවසීය. “One Galle Face Mall හි අපගේ 31 වන ශාඛාව විවෘත කිරීම NOLIMIT හි ව්‍යාප්තියේ වැදගත් සන්ධිස්ථානයක්. කොළඹ නගරයේ ප්‍රමුඛ පෙළේ සාප්පු සවාරි ගමනාන්තයක් වන One Galle Face Mall තුළින්, අපගේ විලාසිතා හා ජීවන ශෛලිය හැඩගන්වන නිෂ්පාදන එකතුව තවත් පුළුල් පාරිභෝගික පිරිසක් වෙත ගෙනයාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම වර්ග අඩි 12,000කට අධික ප්‍රදර්ශනාගාරය තුළින් ඔවුන් වෙත වඩාත් නවීන, පහසු සහ ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සවාරි අත්දැකීමක් නිර්මාණය කිරීමට අපගේ කැපවීම නැවතත් තහවුරු කරනවා.”

    NOLIMIT හි සහකාර සාමාන්‍යාධිකාරී රනීස් ෂෙරිෆ් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “One Galle Face Mall ශාඛාව හරහා නවීන තාක්ෂණය සහ ස්වයංක්‍රීය ගෙවීම් (self-checkout) පහසුකම් සමඟින් වඩාත් පහසු හා ආකර්ෂණීය සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. තවදුරටත් ව්‍යාප්ත වන NOLIMIT ශාඛා ජාලය සමගින්, අපගේ පාරිභෝගිකයින්ට අවශ්‍ය විවිධත්වය, වටිනාකම සහ උසස් සේවාව ලබාදෙන අතරම, නවෝත්පාදන හඳුන්වාදීමටත් අපි අඛණ්ඩව අවධානය යොමු කරනවා.”

    One Galle Face Mall හි සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති මෙම ප්‍රදර්ශනාගාරය මඟින් තරුණ වෘත්තිකයන්, පවුලේ සාමාජිකයින්, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් හා කොළඹ නගරය වෙත පැමිනෙණ දෙස් විදෙස් සංචාරකයින් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට NOLIMIT වෙත අවස්ථාව සලසා දෙයි. එමඟින් කොළඹ නගරයේ වෙනස් වෙමින් පවතින විලාසිතා හා ජීවන රටා ක්ෂේත්‍රය තුළ NOLIMIT සන්නාමයේ වැදගත්කම තවදුරටත් ශක්තිමත් කරයි.

    NOLIMIT හි ප්රධාන අරමුණ වන්නේ පවුලේ සාප්පු සවාරි අත්දැකීම වඩාත් පහසු මෙන්ම පහසුකම් සහිත සහ ආකර්ෂණීය එකක් බවට පත් කිරීමයි. පාරිභෝගිකයින්ගේ සියලු අවශ්යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති NOLIMIT, දෛනික අවශ්යතා සඳහා වන නිෂ්පාදනවල සිට නවතම විලාසිතා ප්රවණතා දක්වා මුළු පවුලටම ගැළපෙන ඇඳුම් පැළඳුම් සහ ජීවන ශෛලිය හැඩගන්වන නිෂ්පාදන නිෂ්පාදන රැසක් ලබාදෙයි.

    1992 දී ආරම්භ කරන ලද NOLIMIT, අද වන විට ශ්රී ලංකාවේ විශාලතම විලාසිතා ජාලයක් බවට වර්ධනය වී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ශාඛා හතරක් විවෘත කරමින් සිය ජාත්යන්තර මෙහෙයුම් ද පුළුල් කර ඇත. එමෙන්ම, හොඳම වෙළඳ සන්නාමය (Best Retailer) සහ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය (Customer Service Excellence) ඇතුළු ක්ෂේත්රයේ සම්මාන හා ඇගයීම් රැසකින් මෙම සන්නාමය පිදුම් ලබා ඇත.

    ඉදිරියේදී ද උපායමාර්ගිකව තෝරාගත් ස්ථාන හරහා ශ්‍රී ලංකාව පුරා සිය ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කිරීමට NOLIMIT කටයුතු කරනු ඇත. එමෙන්ම, වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවන්ට සාර්ථකව ප්‍රතිචාර දක්වමින්, නවීන වෙළෙඳ පරිසරයන් සහ පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට ද සමාගම අපේක්ෂා කරයි.