November, 13, 2023
වර්තමානයේ තාක්ෂණ ක්ෂේත්රය වෙනුවෙන් ඇති ප්රවණතා සැලකිල්ලට ගනිමින් නව විශ්වවිද්‍යාල 4ක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (13) කියා සිටියේය.
ඒ අනුව සීතාවක විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලය (මෙයට ලලිත් ඇතුලත් මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුළත්), කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකාර හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය මෙලෙස පිහිටු වීමට නියමිත විශ්වවිද්‍යාල 4යි.
මේ අතර පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් ද විශ්වවිද්‍යාල බවට පත් කිරීමට නීති රීති සම්මත කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.
එම උසස් අධ්‍යාපන ආයතන වනුයේ NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, හොරයිසන් කැම්පස් සහ රෝයල් ඉන්ස්ටිටියුට් යන ආයතනයි.
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලතල ලබා දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
Video Story