NWOW විදුලි මෝටර් බයික් නව ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත වේ

    March, 20, 2023

    වත්මන් ඉන්දන අර්බුදයට විසඳුමක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දුන් NWOW විදුලි මෝටර් බයික් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා නුගේගොඩ නගරයේදී විවෘත කරන ලදී. එය NWOW International Trading සමාගම  (www.nwow.com.lk) විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරන ලද පළමු ප්‍රදර්ශනාගාරයයි. මෙරට ඉන්දන අර්බුදයට විසඳුමක් සපයමින් ඉතා අඩු පිරිවැයකින් ධාවනය කළ හැකි NWOW විදුලි මෝටර් බයික් පසු කාලයේදී ශීඝ්‍රයෙන් ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීම නිසා දිවයින පුරා සිය අලෙවි ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ප්‍රදර්ශනාගාර සංඛ්‍යාව වැඩි කිරීමට NWOW සමාගම කටයුතු කරමින් සිටියි. මෙම මෝටර් බයික් මෙරටදී එකලස් කිරීම සඳහා NWOW සමාගම කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය සහ ලියාපදිංචිය ලබා ඇත. NWOW සමාගම වගකීම් සහතිකයක් සහිතව NWOW විදුලි මෝටර් බයික් දිවයින පුරා අලෙවි කරයි. කිලෝමීටරයක් ධාවනය කිරීමට රුපියලක් තරම් ඉතා අඩු මුදලක් වැය වන නිසා NWOW  විදුලි මෝටර් බයික් වත්මන් ආර්ථිකයට කදිමට ගැළපෙන විසඳුමකි.

    ඉතා ආකර්ෂණිය මෝටර් බයික් මාදිලි දෙකකින්, ස්කූටර් මාදිලි දෙකකින් සහ රෝද තුනේ ට්‍රයිසිකල් මාදිලි දෙකකින් සහ විවිධ වර්ණ හා මෝස්තර කිහිපයකින් මෙම නිෂ්පාදන මිල දී ගත හැකිය. NWOW සමාගම සිය නිෂ්පාදන සඳහා වසර 3ක වගකීමක් පිරිනමන අතර නිෂ්පාදන සිදු කරන කාලය පුරා නොමිලේ සේවා සිදු කරයි. NWOW සමාගමේ ප්‍රදර්ශනාගාර මීගමුව, ජාඇළ, ගම්පහ, කඩවත, වෙන්නප්පුව යන නගරවල පිහිටුවා ඇති අතර එම ප්‍රදර්ශනාගාරවලදී නිෂ්පාදන මිල දී ගැනීමට, පරික්ෂා කිරීමට හා සේවා සිදු කර ගැනීමට හැකිය. දකුණු ඇමරිකාව, යුරෝපය හා ආසියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක බහුලව භාවිත කරන NWOW විදුලි මෝටර් බයික් පහසු ගෙවීමේ ක්‍රමයටද මිල දී ගත හැකිය.