oDoc සිය නවතම ජීවන උපදේශන සේවාව ‘oLife‘ නමින් හඳුන්වාදෙයි

    July, 4, 2023

    මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (ඇප්) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය උපදේශන සේවාව නව පරිවර්තනයකට ලක්කරමින් හඳුන්වා දුන් මෙම නවතම සේවාව හරහා  වඩාත් පුළුල් සේවාවක් ලබාගැනීමේ හැකියාව ජනතාවට උදාවේ.

    එදිනෙදා ජීවිතය තුළ පුද්ගලයින්ට අවශ්‍ය උපදේශන සේවා හුදෙක් වෛද්‍ය උපදේශන සේවාවලින් ඔබ්බට ගමන් කරයි. මෙම තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් සියලු ඩිජිටල් සේවා එකම යෙදවුමක් හරහා පාරිභෝගිකයින්ට සමීප කිරීමේ අදහසින් මෙම සේවාව නිර්මාණය කර තිබේ. එහි විශේෂත්වය වන්නේ මූල්‍ය උපදේශනය, ආදර සබඳතා සහ විවාහ උපදේශනය, ශරීර සුවතා උපදේශනය, සංගීත උපදෙස්, ජීවන උපදෙස් ඇතුළු ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා උපදේශනය ලබාගැනීමට හැකිවීම ය. උපදේශන සේවා ලබාදීම සඳහා පළපුරුදු වෘත්තීකයින් රාශියක් oLife සමඟ සම්බන්ධ වී සිටීම ද කැපීපෙනේ.

    පාරිභෝගිකයින් වෙත පුළුල් සේවාවක් ලබාදීම උදෙසා oDoc හි කැපවීම මෙසේ අතිරේක සේවා හඳුන්වාදීම තුළින් මැනවින් පිළිබිඹු වන අතර, පුද්ගලයින්ගේ ජීවිත තුළ මතුවන අභියෝග සහ අවස්ථා සඳහා විසඳුම් සැපයීම oLife හි අරමුණ වේ.

    oLife හා එක්ව පාරිභෝගිකයින්ට උපදේශන සේවා ලබාදෙන සම්පත්දායකයින් ද විශේෂයෙන් තෝරාගන්නා ලද ඉහළම සුදුසුකම්වලින් යුත් වෘත්තීකයින් කණ්ඩායමකි. ඔවුන් තෝරාගැනීමේදී ඔවුන් සතු විශේෂඥතාව, වෘත්තීකභාවය මෙන්ම විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ කැපවීම ආදී කාරණා ගැන විශේෂ සැළකිල්ලක් දක්වා ඇත. ඒ අනුව oLife පරිශීලකයින්ට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වෘත්තීකයින් හා සම්බන්ධ වී ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන නිසි විසඳුමක් ලබාගැනීමේ අවකාශය උදා වේ.

    පරිශීලකයින්ට පහසු ආකාරයට නිමවා ඇති oLife ඇප් එක මගින් විවිධ සේවා කාණ්ඩ පහසුවෙන් තෝරාගැනීමටත්, ඒ ඒ සේවා කාණ්ඩ යටතේ තම අවශ්‍යතාවට වඩාත්ම සුදුසු උපදේශකවරයා/ උපදේශකවරිය තෝරාගැනීමටත් හැකියාව ලැබේ. පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට ප්‍රමුඛතාවක් දීම, oLife හි දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.

    උපදේශන සේවාවන්ට පහසුවෙන් ප්‍රවේශවීමට ඉඩ සලසමින් ගෙවීම් ක්‍රම රාශියක් හඳුන්වාදී තිබීම ද මෙහි තවත් එක් විශේෂාංගයකි. තව ද, අනවශ්‍ය බාධක හෝ සංකූලතා මඟහරවමින් පරිශීලකයින්ට තම ස්වයං-වර්ධනය, සතුට සහ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සේවා පහසුවෙන් සමීප කරවීමට ද oLife ක්‍රියාකරයි.

    ″පුද්ගල සංවර්ධනයේ සහ යහපැවැත්මේ විශාල පරිවර්තනීය වෙනසක් ඇතිකිරීමට oLife සූදානමින් සිටිනවා″, යනුවෙන් නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නබීල් මිල්හාන් මහතා ප්‍රකාශ කළේය. ″අපගේ ජීවිතවල ඇති විවිධත්වයට ගැලපෙන විශේෂඥ උපදෙස් ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදාවිය යුතු බව අප  දැඩි සේ විශ්වාස කරන අතර oLife හඳුන්වාදීමත් එහි ප්‍රතිඵලයක්.  මේ හරහා ජනතාවට විශේෂඥ උපදෙස් ලබාගැනීමට ඇති අපහසුතාව මඟහරවා දෙමින් ඔවුන්ට ජීවිතයේ විවිධ පැතිකඩ සඳහා අවශ්‍ය විශේෂඥ මඟපෙන්වීමක් ලබාදීමට අපට හැකියාව උදාවෙනවා. එය හුදෙක් පෞද්ගලික උපදේශන සේවාවකට එහා යමින් සහයෝගී ප්‍රජාවක් ලෙස ඔවුන්ට අභියෝග ජයගනිමින් සාර්ථකත්වය කරා යාමට අවකාශය සලසනවා″, ඔහු වැඩිදුරටත් විස්තර කළේය.

    තම සියලුම පරිශීලකයින්ට oLife හා සම්බන්ධ වී එම වෙනස ප්‍රථමයෙන් අත්විඳින ලෙස oDoc ඇරයුම් කරයි. oDoc ඇප් එක හරහා ම oLife සේවාවන්ට ප්‍රවේශ විය හැකි අතර, එය ස්වයං-අනාවරණයකට, වර්ධනයකට සහ පූර්ණත්වයකට මඟ පාදයි. ඒ හරහා තමන් තුළ සැඟවුණු සැබෑ විභවය නිවැරදිව වටහාගනිමින් අර්ථාන්විත සහ යහපත් ජීවිතයක් සඳහා පරිශීලකයින් යොමුකෙරේ.