ORIX Aviation සහ Aergo Capital වෙතින් ගුවන් යානා 4ක් ශ්‍රීලංකන් ගුවන් සේවයට

    April, 2, 2024

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන් පරිදි පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * ORIX Aviation වෙතින් වසර 06ක කාලසීමාවක් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

    * Aergo Capital Limited වෙතින් වසර 08ක බදු කාලසීමාවකට මාසිකව ඇමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.