P.C. House කොටස් සති 42 ක් තුළ පහළම අගයේ

    February, 19, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අවසානයේදී පී.සී. හවුස් සමාගමේ කොටස් මිලියන 19.4 ක් ගනුදෙනු වූ අතර එම කොටසක මිල ශත 30 ක් දක්වා පහත වැටුණි.

    මේ අනුව, සති 42 ක් තුළ මෙම කොටස වාර්තා කළ පහළම අගය වන්නේ මෙයයි.

    අද දිනයේදී කොටස් මිලියන 49 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස්, සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් හා ජෝන් කීල්ස් සමාගමේ කොටස් බලපත්‍ර වැඩි වශයෙන් ගනුදෙනු විය.

    අද වෙළඳ පොළ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 35.42 කින් පහළ වැටුණු අතර S & P දර්ශකය ඒකක 6.27 කින් පහළ වැටුණි.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 715 ක් ලෙසයි.

    Video Story

    Stock Market

    Exchange Rates