බජාජ් RE60 මෝටර් රථය මෙරටට හඳුන්වාදීමට කැබිනට් පත්‍රිකාව සූදානම්

    March, 9, 2015

    ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ.

    මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථය වෙනම වර්ගයක් (different category) යටතේ ලියාපංදිචි කරන ලෙසයි.

    කෙසේවෙතත්, මෝටර් රථ ලියාංපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ දක්වා එම කටයුතු සිදුකර නොමැත.

    මෙහිදී, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා වෙනමම වර්ගයක් ඇතිකළ යුතු අතර එයට අදාළව මෝටර් රථ ප්‍රවාහන පනත වෙනස් කළ යුතුවේ. එය කළ හැක්කේ කැබිනට් මණ්ඩල අනුමැතිය තුළින් බව ඩේවිඩ් පීරිස් සමාගම සඳහන් කර තිබේ.
    සමාගම පවසා තිබෙන්නේ වාහනයේ සවිස්තර තොරතුරු සඳහන් කරමින් මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර අනුමැතිය සඳහා මේ වනවිට යවා තිබෙන බවයි.

    මෙම කැබිනට් අනුමැතිය ලැබුණු විගසම ලංකාවට RE60 මෝටර් රථය හඳුන්වාදෙන බව සමාගම පවසා ඇත.Bajaj-RE60-7

    සේයාරූ වලින් දැක්වෙන්නේ බජාජ් RE60 අඩුමිල මෝටර් රථයයි.