May, 21, 2026
CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, පසුගියදා Monarch Imperial හිදී පැවති 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ලෙස ඇගයුම් හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) සහ Kantar එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී මුළුමනින්ම පාරිභෝගික අදහස් මත පදනම්ව සන්නාම ඇගයීමට ලක් කෙරේ. මෙහිදී පාරිභෝගික අදහස් විමසීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් ප්‍රමාණාත්මක සමීක්ෂණයක් සිදුකෙරෙන බැවින් මෙය රටේ ජනතාවගේ හඬ සැබැවින්ම නියෝජනය වන සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක.
අඛණ්ඩව දෙවැනි වරටත් මෙලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චොක්ලට් සන්නාමය බවට පත්වීම මඟින් පෙනී යන්නේ, රට පුරා වෙසෙන පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගනිමින් ඔවුන් සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට Ritzbury සමත් වී ඇති බවයි. මෙම ජයග්‍රහණය ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය උදෙසා Ritzbury දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය. සෑම විටම ඉහළම ප්‍රමිතියෙන් යුත් චොක්ලට් සහ කොකෝවා පදනම් කරගත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දෙන අතරම Ritzbury විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කැපවෙමින් රටේ තරුණ පරපුරේ කුසලතා නැංවීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.
“අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ ජනතා චොක්ලට් සන්නාමය ලෙස ඇගයීමට ලක් වීම අප ලැබූ සුවිශාල ගෞරවයක්. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ හඬ මෙන්ම ඔවුන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය මැනැවින් පිළිබිඹු වන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි. මෙම කාණ්ඩය යටතේ සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ වූ දා පටන් මේ දක්වා ගෙවුණු වසර දෙකේදීම මෙම සම්මානය අප වෙත හිමි වීම මඟින් තහවුරු වන්නේ, පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය හා ආදරය දිනාගැනීමට අප සමත් වී ඇති බවයි. ඉදිරියටත් ඉහළම රසයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දෙන අතරම, පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවීමට අප බලාපොරොත්තු වනවා.” CBL Foods International (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුක්ෂ බැස්ටියන්ස් මහතා පැවසීය.
ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට යමින්, දීර්ඝ කාලයක පටන් රටේ ක්‍රීඩා හා තරුණ පරපුරේ සංවර්ධන කටයුතු සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වන සන්නාමයක් ලෙස කීර්තිනාමයක් දිනාගැනීමට Ritzbury සමත් වී තිබේ. රටේ අනාගත පරම්පරාවන් සවිබල ගැන්වීමේ අරමුණින් Ritzbury පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා විවිධ ක්‍රීඩා තරග හා තරගාවලි සඳහා තම අනුග්‍රාහකත්වය නිර්ලෝභීව ලබා දී ඇත.
මීට පෙර 2023 වසරේදී, මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය’ හිමිකර ගැනීමට Ritzbury සන්නාමය හිමි CBL Foods International (පුද්.) සමාගම සමත් විය. මෙය උසස් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ හිමිකරගත හැකි ඉහළම සම්මානවලින් එකකි. ඊට අමතරව SLS 1509:2015, ISO 9001:2015, ISO 22000:2018, FSSC 22000 Version 6 සහ BRCGS වැනි තත්ත්ව සහතික රැසකින් පිදුම් ලැබීමටද Ritzbury සන්නාමයට හැකි වී තිබේ. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චොක්ලට් සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ටතම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට Ritzbury සූදානමින් සිටී.
ඡායාරූපය: CBL Foods International (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුක්ෂ බැස්ටියන්ස් මහතා 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී Ritzbury වෙත හිමි වූ ‘වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ඇගයුම පිළිගනිමින්.
Video Story