Rolex Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව දැන් ශ‍්‍රී ලංකාවේ

    September, 23, 2016

    Rolex හඳුන්වාදෙන නවතම Oyster Perpetual Day-Date 40 අත් ඔරලෝසුව 2016 සැප්තැම්බර් මස 21 දින සිට 28 දින දක්වා Chatham Luxury හිදී දැකබලාගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී තිබේ.

    Oyster Perpetual Day-Date යනු රෝලෙක්ස් අත් ඔරලෝසු මාදිලි අතර ඉහළම මාදිලියේ අත් ඔරලෝසුවක් ලෙස සැලකෙන අතර, අතීතයේ පටන් රටරටවල නායකයන්, ප‍්‍රභූවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ ප‍්‍රමුඛ තේරීමක් බවට එය පත්වී ඇත. 1956 වසරේ මුලින්ම හඳුන්වා දෙනු ලැබූ මෙම අත් ඔරලෝසු එවකට අත් ඔරලෝසු තාක්ෂණයේ විශිෂ්ටතම ප‍්‍රතිඵලය ලෙස සැලකිණි. උදාහරණයක් ලෙස ඔරලෝසුවේ කැලැන්ඩරය කොටසේ දිනයට අමතරව සම්පූර්ණ කවුළුවක දවස කුමක්ද යන්නද අකුරින් දැක්වීම විශේෂත්වයක් විය. මෙම අත් ඔරලෝසුවල නව නිෂ්පාදන එකතුවක් 2015 දී එළිදක්වන ලදි.

    Rolex අත් ඔරලෝසු ගැන උනන්දු වන අයට මෙම ප‍්‍රදර්ශනයට පැමිණ Day-Date ඔරලෝසු මාදිලිවල ඉතිහාසය සහ තාක්ෂණය දැකබලාගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප‍්‍රදර්ශනයට තබා ඇති තවත් මාදිලි කිහිපයක් සම්බන්ධයෙන් ත‍්‍රිමාණ දසුන් සහ අන්තර් ක‍්‍රියාකාරී වීඩියෝ දර්ශන වැනි මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගත හැකි වනු ඇත.

    නවතම Day-Date අත් ඔරලෝසු Calibre 3255 යාන්ත‍්‍රික චලන මූලිකාංගය පසුබිම් කරගෙන නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. මෙම මූලිකාංගය ලොව අත් ඔරලෝසු තාක්ෂණයේ දියුණුතම අංගයක් ලෙස සැලකේ. Rolex සමාගමට පේටන්ට් බලපත‍්‍ර හිමි තවත් තාක්ෂණයන් සමග මුසුවීමෙන් එය ඉතාමත් සුවිශේෂී වූ, විශිෂ්ටත්වයෙන් අනූන, උපරිම ක‍්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය සහිත අත් ඔරලෝසු නිර්මාණය කිරීමට දායක වී ඇත.

    නව Day-Date අත් ඔරලෝසු 950 ප්ලැටිනම් හෝ කැරට් 18 කහ, සුදු හෝ එව්රෝස් රත‍්‍රන් ලෙස යොදා නිපදවූ අත් ඔරලෝසු ලෙස ලබාගත හැකි වේ. ඊට අමතරව නවතම මුහුණත් සහ තවත් විශේෂාංග රැසක්ද ඊට ඇතුළත්වී තිබේ.