Saegis Campus, පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා පිරිනමයි

    December, 13, 2021

    මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මූලික උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදෙන ලද පොලී රහිත ශිෂ්‍ය ණය සේවාව පිරිනැමීමට පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව කලාපයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ගමන්මඟ සවිමත් කිරීම මෙන්ම ඕනෑම සිසුවෙකුට තමන් අභිමත ක්ෂේත්‍රයක උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදා කරදීමේ අරමුණින් යුතුව මෙම පහසුකම සලසා දී ඇත.

    ඒ අනුව 2018, 2019 සහ 2020 වර්ෂවලදී සාර්ථකව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම හා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මෙම උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදා වේ. රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත ඇතුළු වීමට නොහැකි වූ සිසුන්ට මෙය මහඟු අවස්ථාවකි.

    එහිදී, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හා මූල්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂවේදී ව්‍යාපාර කළමනාකරණ (ගෞරව); ව්‍යාපාර පරිපාලනවේදී (BBA); පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂවේදී විද්‍යාවේදී (ගෞරව) - (BSc (Hons)) සහ තොරතුරු තාක්ෂණවේදී (BIT) යන උපාධි පාඨමාලා සඳහා මෙම පහසුකම හිමි වේ.  මෙම සියලු උපාධි පාඨමාලාවලදී ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත පුහුණුවක් පිරිනැමීම ද විශේෂත්වයකි.

    මෙම පහසුකම යටතේ ක්‍රියාත්මක උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා සිසුන්ට අවශ්‍ය සියලු සහාය හා මාර්ගෝපදේශන සැලසීමට Saegis Campus හි උපදේශකවරු සැදී පැහැදී සිටිති. ඊට අදාළ අයදුම්පත්‍ර 2021 දෙසැම්බර් 21 සිට 2022 ජනවාරි 31 දක්වා කාලය තුළ අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර, ලබන වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ උපාධි අපේක්ෂකයින්ව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් විසින් සම්මුඛ පරීක්ෂණයකට බඳුන් කෙරෙනු ඇත. මෙම පහසුකම යටතේ 6 වැනි කාණ්ඩයේ ශිෂ්‍ය අධ්‍යයන වර්ෂය 2022 අප්‍රේල් මාසයේදී ආරම්භ වේ.

    ප්‍රකට අධ්‍යාපනඥයෙකු සහ ගුරුවරයෙකු වන බණ්ඩාර දිසානායක මහතාගේ දැක්ම හා නායකත්වය යටතේ ක්‍රියාත්මක සක්යා අධ්‍යාපන සමූහයට සැබැඳි ආයතනයක් වන Saegis Campus හි ඉගැන්වීම් කටයුතු සිදුකරනුයේ දිවයිනේ විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලයක් හා වෘත්තීකයින් පිරිසක් විසිනි. ඔවුහු සියලු දෙනාම සිසුන්ට නවීන දැනුමක් හා ඉගෙනුම් වටපිටාවක් හිමිකරදීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරති.

    තව ද, පුළුල් WiFi ආවරණය, නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, භාෂා විද්‍යාගාරය, පුස්තකාලය, ශිෂ්‍ය විවේකාගාරය, වඩාත් ඉඩකඩ සහිත වායු සමීකරණය කළ ඩිජිටල් දේශන ශාලා, ක්‍රීඩා සහ විශ්‍රාන්ති ක්‍රියාකාරකම්, ඉඩකඩ සහිත ආපනශාලාව, ලියෝ සමාජය සහ රොට්‍රැක්ට් සමාජය ඇතුළු ප්‍රශස්ත ඉගෙනුම් පරිසරයකට අවැසි නවීන පහසුකම් රැසක් ද Saegis Campus සතු වේ.

    මීට අමතරව, නොමිලේ ලබාදෙන ඉංග්‍රීසි භාෂා පන්ති, සුවපහසු  / ආරක්‍ෂිත නේවාසිකාගාර, වෘත්තීය මාර්ගෝපදේශනය සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ඇතුළු බොහෝ පහසුකම් මෙහිදී සිසුන්ට ලබාගත හැක.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus ආයතනයේ නවීන උසස් අධ්‍යාපන පරිශ්‍රය නුගේගොඩ නගරයේ පිහිටා ඇති අතර, එහිදී සහතික පත්‍ර, ඩිප්ලෝමා, මූලික උපාධි සහ පශ්චාද් උපාධි අධ්‍යයන  ඇතුළු විවිධ පාඨමාලා රැසක් පිරිනමයි. තව ද, එක්සත් රාජධානියේ Canterbury Christ Church හා Pearson ඇතුළු ලොව කීර්තිමත් විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවෙන් යුතු පාඨමාලා පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. 0770430000 දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.saegis.edu.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.